Skip to main content
switcher භාෂාව තෝරන්න

Partnerships for the goals

තිරසර සංවර්ධනය සඳහා පාර්ශවකරණයන්

තිරසර සංවර්ධනය සඳහා පාර්ශවකරණයන්

සාර්ථක තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයකට රජයන්, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය අතර හවුල්කාරිත්වයන් අවශ්‍ය වේ. මූලධර්ම හා සාරධර්ම, හවුල් දැක්මක් සහ මිනිසුන් සහ ලෝකය කේන්ද්‍ර කරගත් හවුල් අරමුණු මත ගොඩනගා ඇති සියලු දෙනා අන්තර්ගත වූ මෙම හවුල්කාරිත්වයන්, ගෝලීය, කලාපීය, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය වේ.

 

තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක පෞද්ගලික සම්පත් වල පරිවර්තනීය බලය බලමුලු ගැන්වීම, දිශානතිය වෙනස් කිරීම සහ යොදා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල තීරණාත්මක අංශ සඳහා සෘජු විදේශ ආයෝජන ඇතුළු දිගු කාලීන ආයෝජන අවශ්‍ය වේ. තිරසර බලශක්තිය, යටිතල පහසුකම් සහ ප්‍රවාහනය මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ද ඊට ඇතුළත් ය. රාජ්‍ය අංශය පැහැදිලි මඟ පෙන්වීමක් කළ යුතුවේ. එවැනි ආයෝජන සඳහා ඉඩ සලසන සමාලෝචන සහ අධීක්ෂණ රාමු, රෙගුලාසි සහ දිරිගැන්වීමේ ව්‍යුහයන් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ තිරසර සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා නැවත ප්‍රතිසංවිධානය කළ යුතුය. උත්තරීතර විගණන ආයතන සහ ව්‍යවස්ථාදායක මගින් කෙරෙන අධීක්ෂණ කටයුතු වැනි ජාතික අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කළ යුතුය.

17.1

බදු සහ වෙනත් ආදායම් එක්රැස් කිරීම් වර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අන්තර්ජාතික සහයෝගය ලබා දීම ඇතුළුව දේශීය සම්පත් සජීවීකරණය.

17.2

සංවර්ධිත රටවල් තම දළ ජාතික ආදයෙන් 0.7%ක ප්‍රතිශතයක් නිල සංවර්ධන ආධාර ලෙස සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ලබා දීමේ හා සංවර්ධිත රටවල දළ ජාතික ආදායමෙන් 0.15% සිට 0.20% අතර ප්‍රමාණයක් නිල සංවර්ධන ආධාර ලෙස අවම වශයෙන් සංවර්ධනය වූ රටවලට ලබා දීමට සංවර්ධිත රටවල් විසින් වී තිබෙන පොරොන්දුව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ අඩුම සංවර්ධිත රටවලට ලබා දෙන නිල සංවර්ධන ආධාර දළ ජාතික ආදායමෙන් 20%ක් දක්වා නැංවීමට දිරි දීම.

17.3

විවිධ මූලාශ්‍ර මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අතිරේක මූල්‍ය සම්පත් සජීවීකරණය කිරීම.

17.4

මූල්‍ය ණය, ණය සහනාධාර සහ ණය ප්‍රතිව්‍යූහහගතකරණය ඉලක්ක කර ගත් සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිපත්ති මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට දිගු කාලීන ණය ස්ථාවරභාවය සඳහා සහාය ලබා දීම සහ අතිශයින් ණයගැතිභාවයට පත් වී දරිද්‍රතාවෙන් පෙළෙන රටවලට ණය ආතතිකාරී තත්වයෙන් මිදීම සඳහා විසඳුම් ලබා දීම.

17.5

අවම වශයෙන් සංවර්ධනය වන රටවල ආයෝජන ප්‍රවර්ධන කලාප යොදා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.

17.6

විද්‍යාව තාක්ෂණය සහ නවෝත්පාදනය වෙනුවෙන් උතුරු-දකුණු, දකුණු-දකුණු සහ ත්‍රිකෝණාත්මක කලාපීය සහ අන්තර්ජාතික සහයෝගීතාවය ඉහළ නැංවීම සහ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මට්ටමේ දැනට පවත්නා යාන්ත්‍රණ අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් සහ ජගත් මට්ටමේ තාක්ෂණ පහසුකම් සැලසීමේ යාන්ත්‍රණයක් මගින් එකිනෙකා සමග එකඟ වූ කොන්දේසි අනුව දැනුම බෙදාහදා ගැනීම ඉහළ නැංවීම.

17.7

එකිනෙකා සමගින් සාකච්ඡාවෙන් ඇති කර ගත් එකඟත්වයන් අනුව, වරණීය සහ සහනදායී වාසිදායී කොන්දේසි අනුව, පරිසර හිතකාමී තාක්ෂණයන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙනුවෙන් සංවර්ධනය කිරීම, එම රටවලට ලබාදීම සහ බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම.

17.8

2017 වන විට අවම වශයෙන් සංවර්ධනය වී ඇති රටවල් සඳහා තාක්ෂණ බැංකු සහ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ධාරිතාවන් ගොඩනැංවීමේ යාන්ත්‍රණ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන තාක්ෂණයන්හි නව තාක්ෂණය භාවිතා කිරීම වැඩිදියුණු කිරීම.

17.9

උතුරු-දකුණු, දකුණු-දකුණු සහ ත්‍රිකෝණාත්මක සහයෝගීතාව හරහා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාවට නැංවීමට ජාතික සැලසුම් සැකසීම සහ ඵලදායී ධාරිතා සංවර්ධනය සඳහා ලබා දෙන අන්තර්ජාතික සහයෝගීතාව වැඩිදියුණු කිරීම.

17.10

දෝහා සංවර්ධන න්‍යාය පත්‍රයේ සාකච්ඡාවල නිගමනයන්ද ඇතුළත්ව විශ්වීය, නීති පදනම් කර ගත්, විවෘත, වෙනස්කොට සැලකිලි නොදක්වන සහ සමානත්වෙන් යුත් බහු පාර්ශවික වෙළඳ ක්‍රමයක් ලෝක වෙළඳ සංවිධානය යටතේ ප්‍රවර්ධනය කිරීම.

17.11

අවම වශයෙන් සංවර්ධනය වූ රටවලින් ලෝක අපනයනයට සපයන කොටස 2020 වන විට දෙගුණ කිරීමේ දැක්මකින් යුක්තව, සංවර්ධනය වෙමින් පවත්නා රටවල අපනයන සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කිරීම.

17.12

සංවර්ධනය වූ රටවල් විසින් අවම වශයෙන් සංවර්ධනය වූ රටවලින් සිදුකරන්නා වූ ආනයනයන් සඳහා බල පැවැත්වෙන භාණ්ඩ නිෂ්පාදනය කරන ලද ස්ථානය පිලිබඳ වරණීය නීති විනිවිදභාවයෙන් යුක්ත බව සහ සරල හා වෙළඳපොළට පිවිසීමට දායකත්වය සලසන බව තහවුරු කරන බවට වූ ලෝක වෙළඳ සංවිධානයේ තීරණයන්ට අනුව අවම වශයෙන් සංවර්ධනය වූ රටවලට දිගු කාලීනව පවත්නා ලෙසට බදුවලින් සහ කෝටාවලින් නිදහස්ව වෙළඳපොළට පිවිසීමේ හැකියාව නියමිත වෙලාවට ක්‍රියාවට නැංවීම.

17.13

ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සහ ප්‍රතිපත්ති සංගතභාවය තුලින් ජගත් සර්ව ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම.

17.14

තිරසර සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සංගතභාවය වැඩිදියුණු කිරීම.

17.15

දරිද්‍රතාව පිටුදැකීමේ සහ තිරසර සංවර්ධනය ඇති කර ගැනීම සඳහා වන ප්‍රතිපත්ති සැකසීමේදී සෑම රටකටම ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති අයිතියට සහ නායකත්වට ගරු කිරීම.

17.16

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද ඇතුළුව සියලුම රටවලට තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා විවිධ පාර්ශවයන්ගේ හවුල්කාරිත්වයෙන් දැනුම, පළපුරුද්ද, තාක්ෂණය සහ මූල්‍ය සම්පත් සජීවීකරණය සහ බෙදා ගැනීම ඔස්සේ තිරසර සංවර්ධනය සඳහා වූ ජගත් හවුල්කාරිත්වය වැඩිදියණු කිරීම.

17.17

අත්දැකීම් පළපුරුද්ද සහ පාර්ශවකරණයේ ක්‍රමෝපායන් සහ මහජනතාව, රාජ්‍ය පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන හවුල්කාරිත්වයන් දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම.

17.18

2020 වන විට අවම වශයෙන් සංවර්ධනය වූ රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දිවයින් රාජ්‍ය ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවත්නා රටවල උසස් ගුණාත්මක තත්වයේ, නිසි කළට නිකුත්වන, විශ්වාසදායී දත්ත, ආදායම, ස්ත්‍රී පුරුෂභාවය, වයස, ජනවර්ගය, ජාතිකත්වය, සංක්‍රමණික තත්වය, ආබාධිතබව, භූ විද්‍යාත්මක ස්ථානය සහ අදාළ සංදර්භයන් පදනම් කරගෙන වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය ධාරිතාවන් ශක්තිමත් කිරීම.

17.19

2030 වන විට දැනට පවත්නා ක්‍රියාමාර්ග ද උපයෝගී කරගෙන දළ දේශීය නිෂ්පාදනයට අතිරේකව තිරසර සංවර්ධනයේ ප්‍රගතිය මැනීමට මිනුම් සංවර්ධනය කිරීම සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල සංඛ්‍යාන ධාරිතාවන් ගොඩනැංවීමට සහයෝගය ලබාදීම.