Skip to main content
switcher භාෂාව තෝරන්න

සැමට තිරසර ලෙස සංවර්‍ධිත
ශ්‍රී ලංකාවක්

අප කවුද?

2017 අංක 19 දරන ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන පනතට අනුකූලව පිහිටුවන ලද තිරසර සංවර්ධන සභාව යනු තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය, පහසුකම් සැපයීම, අධීක්‍ෂණය, ඇගයීම සහ වාර්තා කිරීමේ වගකීම දරන රාජ්‍ය ආයතනයයි

අපගේ සභාව සමන්විත වී ඇත්තේ

අපගේ දැක්ම

සැමට තිරසර ලෙස සංවර්‍ධිත ශ්‍රී ලංකාවක්

අපේ මෙහෙවර

පාරිසරික, සමාජයීය හා ආර්ථික සහජිවනය සහතික කෙරෙන, සංයුක්ත හා සමස්ථ ප්‍රවේශයක් තුළින් තිරසර සංවර්‍ධිත ජාතියක් කරා ශ්‍රී ලංකාව ප්‍රවර්‍ධනය කිරීම

තිරසර සංවර්ධන පනත බැලීමට

අප කරන්නේ මොනවාද?

තිරසර සංවර්ධන අරමුණු මුලික කොටගත්
ප්‍රතිපත්ති සැකසීම සහ සැලසුම් කිරීම

තිරසර සංවර්ධන අරමුණු සඳහා
වන මූල්‍යකරණය සහ අය වැය

තිරසර සංවර්ධන අරමුණු අධීක්ෂණය,
ඇගයීම සහ වාර්තා කිරීම

තිරසර සංවර්ධන අරමුණු ආශ්‍රිත පර්යේෂණ,
සංවර්ධනය සහ
නවෝත්පාදනයන්

තිරසර සංවර්ධන අරමුණු පදනම් කරගත් අධ්‍යාපනය,
දැනුවත් කිරීම සහ
සන්නිවේදනය

තිරසර සංවර්ධන අරමුණු
සාක්ෂාත් කර ගැනීම සඳහා
බහු පාර්ශවකරුවන්ගේ හවුල්කාරිත්වය

අපගේ ප්‍රවේශය

  • හැදින්වීම

    තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය යනු, දුප්පත්කම තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ සෑම තැනකම සෑම කෙනෙකුගේම ජීවිත හා අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමේ ගෝලීය ව්‍යාපාරයයි.

    සැමට තිරසර ලෙස සංවර්‍ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සදහා තිරසර සංවර්ධන සභාව වශයෙන් අප, ආර්ථික වර්ධනය, සමාජ අන්තර්ගතකරණය සහ පරිසර සුරක්ශිතභාවය යන මූලික අංග තුනෙහි සුසංයෝගයෙන් යුත් ප්‍රවේශයක් සැමවිටම නිර්දේශ කරයි.

    මෙම මානයන් ත්‍රිත්වය සංයුක්ත කර ගැනීම මෙරට ආර්ථිකය, පරිසරය සහ සෑම පුරවැසියෙකුගේම යහපැවැත්ම කෙරෙහි කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

  • පාරිසරික

    පාරිසරික තිරසරභාවය මඟින් පාරිසරික අඛණ්ඩතාව තහවුරු කිරීම සහතික කරන අතරම පෘථිවියේ සියලුම පාරිසරික පද්ධති සමතුලිතව තැබීම සහතික කරයි. මතු පරම්පරාවන්ගේ ප්‍රයෝජනය සඳහා නැවත ප්‍රතිස්ථාපනය කර ගැනීමට හැකි වන පරිදි පවතින ස්වාභාවික සම්පත් වගකීමෙන් යුතුව පරිභෝජනය කිරීම කෙරෙහි මෙම මානය අවධානය යොමු කරයි.

    පාරිසරික තිරසරභාවය ඉහළ නැංවීම, සමාජ හා ආර්ථික තිරසර බව සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය මඟින් පාරිසරික තිරසරභාවය ඉහළ නැංවීම සඳහා පහත සඳහන් තිරසර සංවර්ධන අරමුණු යොමු කර ඇත.

  • සමාජයීය

    තිරසර සංවර්ධනයේ සමාජ මානය මිනිසාගේ යහපැවැත්ම කෙරෙහි යොමු වී ඇත. සමාජ තිරසරභාවය සෑම පුද්ගලයෙකුගේම විශ්වීය මානව හිමිකම් සහ ජීවිතයේ ගුණාත්මකභාවය දිගුකාලීනව සහතික කරයි. නිසිලෙස සවිබල ගැන්වූ ශක්තිමත් ප්‍රජාවන්, පුද්ගල, කම්කරු, සංස්කෘතික යනාදී අයිතීන්ට ගරු කරන අතර සියලු මිනිසුන් වෙනස්කම් වලින් ආරක්ෂා කරයි.

    රටක තිරසර සංවර්‍ධනය ළඟා කර ගැනීම සඳහා සෑම පුද්ගලයෙකුගේම යහපැවැත්ම අගය කරන සංයුක්ත හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ.අපගේ ප්‍රවේශය - සමාජයීය - එබැවින්, සමාජ තිරසරභාවය සහතික කිරීම සඳහා පහත තිරසර සංවර්ධන අරමුණු කැප වේ.

  • ආර්ථික

    තිරසර සංවර්ධනයේ ආර්ථික මානය රටක සමාජ හා පාරිසරික අංශ කෙරෙහි අහිතකර ලෙස බල නොපාන දිගු කාලීන ආර්ථික වර්‍ධනයට සහාය වන ක්‍රියා පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කරයි.

    ආර්ථික තිරසරභාවය තුළින් සෑම රටකටම තම ස්වාධීනත්වය පවත්වා ගැනීමට සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුකුලව සම්පත් සපුරාලීමේ හැකියාව සහතික කෙරේ. තිරසර ආර්ථිකයන් මගින් ශක්තිමත් ආර්ථික පද්ධති සහතික කරන අතර කිසිදු බේදයකින් තොරව සෑම පුද්ගලයෙකුටම ප්‍රවේශ විය හැකි ජීවනෝපාය මාර්ග ආරක්‍ෂා කරයි.

    එබැවින්, ආර්ථික තිරසරභාවය සහතික කිරීම සඳහා පහත තිරසර සංවර්ධන අරමුණු කැප වේ.