Skip to main content
switcher භාෂාව තෝරන්න

Life Below Water

ජලය තුළ ජීවය

ජලය තුළ ජීවය

ලෝකයේ සාගර - ඒවායේ උෂ්ණත්වය, රසායනය, ධාරා සහ ජීවය - පෘථිවිය මිනිස් සංහතියට වාසයට සුදුසු කරවීමට අදාළ ගෝලීය පද්ධති මෙහෙයවයි. අපගේ වැසි ජලය, පානීය ජලය, කාලගුණය, දේශගුණය, වෙරළ තීරයන්, අපගේ ආහාර වලින් වැඩි ප්‍රමාණයක් සහ අප හුස්ම ගන්නා වාතයේ ඇති ඔක්සිජන් පවා අවසානයේදී සපයනු ලබන්නේ සහ පාලනය කරනු ලබන්නේ මුහුද මගිනි. ඉතිහාසය පුරාම සාගර හා මුහුද වෙළඳ හා ප්‍රවාහන කටයුතු සඳහා අත්‍යවශ්‍ය මාර්ග වේ.

මෙම අත්‍යවශ්‍ය ගෝලීය සම්පත ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම තිරසර අනාගතයක ප්‍රධාන ලක්ෂණයකි. කෙසේ වෙතත්, වර්තමානයේදී, වෙරළබඩ ජලය දූෂණය හේතුවෙන් අඛණ්ඩව පිරිහෙමින් පවතින අතර සාගර ආම්ලීකරණය පරිසර පද්ධතිවල හා ජෛව විවිධත්වයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපායි. මෙය කුඩා පරිමාණ ධීවර කර්මාන්තයට ද අහිතකර ලෙස බලපායි.

සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශ ඵලදායි ලෙස කළමනාකරණය කර සූදානමින් තිබිය යුතු අතර අධික ලෙස මසුන් ඇල්ලීම, සමුද්‍ර දූෂණය හා සාගර ආම්ලීකරණය අවම කිරීම සඳහා රෙගුලාසි සකස් කළ යුතුය.

14.1

2025 වන විට සමුද්‍රීය අපද්‍රව්‍ය සහ පෝෂක දූෂණය වීම ද ඇතුළුව විශේෂයෙන්ම ගොඩබිම් පදනම් කරගත් ක්‍රියාකාරකම් මගින් සිදුවන සියලුම ආකාරයේ සමුද්‍ර දූෂණය වැළැක්වීම සහ සැලකිය යුතු මට්ටමින් අවම කිරීම.

14.2

2020 වන විට ආපදාවන්ට ඔරොත්තු දීමට සවිබල ගන්වමින් සහ සෞඛ්‍ය වත් සහ ඵලදායීතාවෙන් යුක්ත වන ආකාරයට සාගර යථා තත්වයට පත් කරමින් සමුද්‍රීය සහ වෙරළබඩ පරිසර පද්ධති තිරසර අන්දමින් කළමනාකරණය කිරීම සහ ආරක්ෂා කිරීම.

14.3

සියලුම මට්ටමේ විද්‍යාත්මක සහයෝගීතාවන්ගෙන් යුක්තව සාගර ආම්ලීකරණය වීම මගින් ඇතිවන බලපෑම අවම කිරීම සහ එයට විසඳුම් සෙවීම.

14.4

2020 වන විට මසුන්ගේ ජීව විද්‍යාත්මක ගති ලක්ෂණ අනුව තීරණය වී ඇති ආකාරයට තිරසර වශයෙන් උපරිම අස්වැන්නක් ලබා දිය හැකි ආකාරයට මත්ස්‍ය සම්පත් හැකි කෙටිම කාලයකදී නැවත යථා තත්වයට පත් කිරීම සඳහා කාර්යක්ෂම ලෙස මසුන් ඇල්ලීම පාලනය කිරීම සහ අසීමිතව, නීතිවිරෝධී, වාර්තානොකළ සහ පාලනය නොකළ හා හානිකර මසුන් මැරීමේ ක්‍රම භාවිතය අවසන් කිරීම සහ විද්‍යාත්මක පදනමකින් යුක්ත කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම.

14.5

2020 වන විට හොඳම විද්‍යාත්මක තොරතුරු සහ ජාතික සහ අන්තර්ජාතික නීතිවලට අනුකූලව වෙරළබඩ සහ සමුද්‍රීය ප්‍රදේශවලින් 10% ක් සංරක්ෂණය කිරීම.

14.6

2020 වන විට පවත්නා ධාරිතාවට වැඩි සහ අධික ලෙස මසුන් මැරීමට හේතුවන විශේෂිත ධීවර සහනාධාර තහනම් කිරීම, නීති විරෝධී, වාර්තා නොවන, පාලනය නොකළ ධීවර කර්මාන්තයට ඉඩ සලසන සහනාධාර ඉවත් කිරීම, සංවර්ධනය වෙමින් පවතින් රටවලට සහ අවම වශයෙන් සංවර්ධනය වී ඇති රටවලට සුදුසු අන්දමින් ඵලදායී ලෙස විශේෂ කොට සහ වෙනස් අන්දමින් සැලකීමේ වැදගත්කම හඳුනා ගනිමින් ලෝක වෙළඳ සංවිධානයේ ධීවර සහනාධාර සාකච්ඡාවලදී ඒවා අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීම.

14.7

2030 වන විට තිරසර ලෙස ධීවර සම්පත්, ජලය ආශ්‍රිත සංස්කෘතිය සහ සංචාරක කර්මාන්තය කළමනාකරණය හා තිරසර අන්දමින් සමුද්‍රීය සම්පත් භාවිතා කරමින් සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දිවයින් රාජ්‍යවලට සහ අවම වශයෙන් සංවර්ධනය වී ඇති රටවලට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වර්ධනය කිරීම.

14.A

සාගර සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීම සහ විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දිවයින් රාජ්‍යවලට සහ අවම වශයෙන් සංවර්ධනය වූ රටවලට සමුද්‍රීය ජෛව විවිධත්වයේ දායකත්වය වැඩිදියුණු කිරීම සඳහා අන්තර් රාජ්‍ය සාගරවිද්‍යාත්මක කොමිසමේ ක්‍රියාපටිපාටීන් සහ සමුද්‍රීය තාක්ෂණය පරිණාමනය කිරීමේ මාර්ගෝපදේශ සලිකිල්ලට ගනිමින් විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ ධාරිතාවන් සංවර්ධනය කිරීම සහ සමුද්‍රීය තාක්ෂණය හුවමාරු කිරීම.

14.B

කුඩා පරිමාණ පාරම්පරික ධීවරයන්ට සමුද්‍රීය සම්පත් සහ වෙළඳපොළවලට පිවිසීමට අවස්ථාව ලබා දීම.

14.C

අපට අවශ්‍ය අනාගතය (The Future We Want)" හි 158 වන ඡේදයේ සඳහන් කර ඇති පරිදි, සමුද්‍ර සහ ඒවායේ සම්පත් සංරක්ෂණයට සහ තිරසර අන්දමින් භාවිතා කිරීමට නීතිමය වැඩසැලැස්මක් සපයන්නාවූ UNCLOSහි දැක්වෙන නීති අනුව සමුද්‍ර සහ ඒවායේ සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසර අන්දමින් භාවිතා කිරීම වැඩි දියුණු කිරීම.