Skip to main content
switcher භාෂාව තෝරන්න

Affordable and clean energy

දැරිය හැකි පිවීතුරු බලශක්තිය

දැරිය හැකි පිවීතුරු බලශක්තිය

අද ලෝකය මුහුණ දෙන සෑම ප්‍රධාන අභියෝගයකටම හා අවස්ථාවකටම වාගේ ශක්තිය කේන්ද්‍රීය වේ. රැකියා, ආරක්ෂාව, දේශගුණික විපර්යාස, ආහාර නිෂ්පාදනය හෝ ආදායම වැඩි කිරීම යන සියල්ලටම වේවා, සැමට බලශක්තිය ලබාගැනීමේ හැකියාව අත්‍යවශ්‍ය වේ. මෙම අරමුණ කරා ගමන් කිරීම විශේෂයෙන්ම වැදගත් වන්නේ එය අනෙකුත් තිරසර සංවර්ධන අරමුණු සමඟ අන්තර් සම්බන්ධ වන බැවිනි. සැමට බලශක්තිය ලබා ගැනීමේ හැකියාව ලැබීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නව ආර්ථික හා රැකියා අවස්ථා තුළින් පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මගින් වඩාත් තිරසර හා සියලු දෙනා අන්තර්ගතකරණය වූ ප්‍රජාවන් බිහිකිරීමට සහ දේශගුණික විපර්යාස වැනි පාරිසරික ගැටළු වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමට ඉතා වැදගත් වේ.

වර්තමානයේදී, පිරිසිදු ආහාර පිසීමේ විසඳුම් නොමැති සහ භයානක මට්ටමේ වායු දූෂණයට නිරාවරණය වන ජනතාව ආසන්න වශයෙන් බිලියන 3 ක් සිටිති. මීට අමතරව, බිලියනයකට වඩා මදක් අඩු ප්‍රමාණයක ජනතාවක් විදුලිය නොමැතිව කටයුතු කරන අතර ඔවුන්ගෙන් 50% ක් උප සහරා අප්‍රිකාවේ පමණක් වාසය කරයි. වාසනාවකට මෙන්, ජලය, සූර්ය හා සුළං බලශක්තියෙන් පුනර්ජනනීය විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් පසුගිය දශකය තුළ ප්‍රගතියක් ලබා තිබුණද, දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට භාවිතා කරන බලශක්ති අනුපාතය ද පහත වැටෙමින් තිබේ.

කෙසේ වෙතත්, මෙම අභියෝගය විසඳීමට තවත් බොහෝ දුර යාමට තිබෙනවා මෙන්ම, පිරිසිදු ඉන්ධන හා තාක්‍ෂණය සඳහා ප්‍රවේශ වීමේ හැකියාව තවත් වැඩි විය යුතු අතරම, ගොඩනැගිලි, ප්‍රවාහන හා කර්මාන්තවල අවසාන භාවිතයන් සඳහා පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වැඩි ප්‍රගතියක් ද අවශ්‍ය වේ. බලශක්ති සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන ද වැඩි කළ යුතු අතර ලෝකයේ බලශක්ති පද්ධති පරිවර්තනය කිරීම සඳහා නියාමන රාමු සහ නව්‍ය ව්‍යාපාර ආකෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

7.1

2030 වන විට සියලු දෙනාටම අඩු මිලකට ලබා ගත හැකි විශ්වාසදායී නවීන බලශක්ති මූලාශ්‍රවලට ප්‍රවේශ විය හැකිබව තහවුරු කිරීම.

7.2

2030 වන විට ලෝක බලශක්ති මූලාශ්‍රයන්හි පුනර්ජනනීය බලශක්තීන්හි කොටස ඉහළ නැංවීම.

7.3

2030 වන විට ලෝක බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අනුපාතිකය දෙගුණයක් කිරීම.

7.A

2030 වන විට පිරිසිදු බලශක්ති පර්යේෂණ සහ තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය ද ඇතුළත්ව බලශක්ති කාර්යක්ෂමතාව සහ උසස් සහ පිරිසිදු පොසිල ඉන්ධන තාක්ෂණය සහ බලශක්ති යටිතල පහසුකම් සහ පිරිසිදු බලශක්ති තාක්ෂණය සඳහා අන්තර්ජාතික සහයෝගීතාව වැඩිදියුණු කිරීම.

7.B

2030 වන විට විශේෂයෙන්ම අවම වශයෙන් සංවර්ධනය වූ රටවල, කුඩා දිවයින් රාජ්‍යයන්හි සහ අනෙකුත් රටවල දෙෂසීමාවන්ගෙන් ආවරණය වූ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද ඇතුළත්ව සියලුම සංවර්ධනය වන රටවලට ඔවුන්ගේ වැඩසටහන් සැලසුම්වලට අනුකූලව නවීන සහ තිරසර බලශක්ති සේවා සැපයීම සදහා යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම හා තාක්ෂණය වැඩිදියුණු කිරීම.