Skip to main content
switcher භාෂාව තෝරන්න

Climate Action

දේශගුණික ක්‍රියාකාරකම්

  1. මුල් පිටුව
  2. තිරසාර සංවර්ධන අරමුණු (SDGs)
  3. දේශගුණික ක්‍රියාකාරකම්

දේශගුණික ක්‍රියාකාරකම්

දේශගුණික විපර්යාස දැන් සෑම මහද්වීපයකම සෑම රටකටම බලපායි. එය ජාතික ආර්ථිකයන් විනාශ කරන අතර මිනිසුන්, ප්‍රජාවන් සහ රටවල් වලට අද දින හා හෙට දිනයේදී එයටත් වඩා විශාල පාඩු සිදු කර ජීවිතවලට හානිකර ලෙස බලපායි. කාලගුණික රටාවන් වෙනස් වෙමින්, මුහුදු මට්ටම ඉහළ යමින්, කාලගුණික සිදුවීම් වඩාත් ආන්තික වෙමින් ද පවතින අතර හරිතාගාර වායු විමෝචනය ඉතිහාසයේ ඉහළම මට්ටම්වල පවතී. ක්‍රියාමාර්ගයක් නොගතහොත්, ලෝකයේ සාමාන්‍ය පෘෂ්ඨීය උෂ්ණත්වය මෙම සියවසේ සෙන්ටිග්‍රේඩ් අංශක 3 ඉක්මවා යනු ඇත. මෙයින් වඩාත් පීඩාවට පත්වන්නේ දරිද්‍රතම හා වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාවයි.

පිරිසිදු හා වඩා ඔරොත්තු දෙන ආර්ථිකයන් කරා රටවල් වලට පිම්මක් පැනීමට හැකි වන පරිදි දැරිය හැකි, පරිමාණ කළ හැකි විසඳුම් දැන් තිබේ. වැඩි පිරිසක් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමත්, විමෝචනය අඩු කිරීම සඳහා ගෙන ඇති වෙනත් ක්‍රියාමාර්ග පරාසයත් සහ අනුවර්තන උත්සාහයන් වැඩි කිරීමත් සමඟ වෙනස් වීමේ වේගය වැඩි වී ඇත. කෙසේ වෙතත් දේශගුණික විපර්යාස යනු ජාතික දේශසීමා වලට ගරු නොකරන ගෝලීය අභියෝගයකි. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට අඩු කාබන් ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සම්බන්ධීකරණය කළ යුතු විසඳුම් අවශ්‍ය වන ගැටලුවකි.

 

දේශගුණික විපර්යාස පිළිබඳ තර්ජනයට ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා රටවල් පැරීසියේ COP21 හි පැරිස් ගිවිසුම සම්මත කරගත් අතර එය 2016 නොවැම්බර් මස සිට බලාත්මක විය. ගිවිසුමට අනුව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 ට වඩා අඩු කිරීමට කටයුතු කිරීමට සියලු රටවල් එකඟ වූහ. 2018 අප්‍රේල් මස වන විට පාර්ශවකරුවන් 175 ක් පැරිස් ගිවිසුම අනුමත කර ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් 10 ක් දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන්ගේ ජාතික අනුවර්තන සැලසුම් පිළිබඳ පළමු ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය, දේශගුණික විපර්යාසය සඳහා ගෝලීය ප්‍රතිචාර සාකච්ඡා කිරීම සඳහා වන මූලික ජාත්‍යන්තර, අන්තර් රාජ්‍ය සංසදය බව පිළිගැනීම.

13.1

සියලුම රටවල කාලගුණය සම්බන්ධ විපත් සහ ස්වභාවික ආපදාවලට ඔරොත්තු දීමේ සහ එවැනි තත්වයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම.

13.2

ජාතික මට්ටමේ ප්‍රතිපත්ති ක්‍රමෝපායන් සහ සැලසුම්වලට කාලගුණ වෙනස්කම් අවම කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළත් කිරීම.

13.3

කාලගුණ වෙනස්වීම අවම කිරීම, ඒ අනුව හැඩගැසීම, බලපෑම අවම කිරීම සහ පූර්ව අනතුරු සම්බන්ධයෙන් අධ්‍යාපනය, දැනුවත්භාවය ඉහළ නැංවීම සහ මානව සහ ආයතනික ධාරිතාවන් ඉහළ නැංවීම.

13.A

එක්සත් ජාතීන්ගේ කාලගුණික වෙනස් වීම පිළිබඳ ප්‍රඥප්තියට අනුව සංවර්ධනය වෙමින් පවත්නා රටවලට කාලගුණික වෙනස් වීම්වලින් වන බලපෑම අවම කිරීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමට හා ඒවා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට හරිත කාලගුණ අරමුදල ඇති කිරීමටත් ඒ සඳහා 2020 වන විට සියලුම මූලාශ්‍රයන්ගෙන් එකාබද්ධව වාර්ෂිකව ඩොලර් මිලියන 100ක් එක්රැස් කිරීමේ අරමුණ ළඟා කර ගැනීමටත් හා හැකිතාක් ඉක්මණින් එහි මෙහෙයුම් ආරම්භ කිරීමටත් සංවර්ධනය වූ රටවල් පාර්ශවයේ එකඟතාව ක්‍රියාවට නැංවීම.

13.B

අවම වශයෙන් සංවර්ධනය වූ රටවල සහ කුඩා දිවයින් වල පිහිටි සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්, තරුණයින් සහ දේශීය හා ආන්තීකරණයට ලක්වූ ප්‍රජාවන් ද ඉලක්ක කරගනිමින් කාලගුණික වෙනස් වීම් සඳහා ඵලදායී සැලසුම් සකස් කිරීමට හා කළමනාකරණය කිරීම සඳහා ධාරිතාවන් වැඩිදියුණු කිරීමේ යාන්ත්‍රණ ප්‍රවර්ධනය කිරීම.