සෑම ආකාරයකම දරිද්‍රතාවය තුරන් කිරීම මානව වර්ගයා මුහුණ දෙන විශාලතම අභියෝගයන්ගෙන් එකකි. 1990 සිට 2015 දක්වා කාලය තුළ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩකට වඩා අඩුවී ඇති නමුත්, බොහෝ දෙනෙක් තවමත් මූලික මිනිස් අවශ්‍යතා සඳහා අරගල කරමින් සිටිති.
2015 වන විටත් මිලියන 736 ක් පමණ ජනතාව දිනකට ඇමරිකානු ඩොලර් 1.90 ට වඩා අඩු මුදලකින් යැපෙමින් ජීවත් වූහ; බොහෝ දෙනෙකුට ආහාර, පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව හිඟකම දක්නට තිබේ. චීනය සහ ඉන්දියාව වැනි රටවල ශ්‍රීඝ‍්‍ර වර්ධනය මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදවා ඇතත්, එම ප්‍රගතිය අසමාන ය. කාන්තාවන්ට අඩු වැටුප් සහිත රැකියාවක්, අධ්‍යාපනයක් සහ අඩු දේපළක් ඇති බැවින් පිරිමින්ට වඩා කාන්තාවන් දුගී වීමට වැඩි ඉඩක් ඇත.
අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අයගෙන් සියයට 80 ක් පමණ සිටින දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාව වැනි අනෙකුත් ප්‍රදේශවල ද ප්‍රගතිය සීමා වී ඇත. දේශගුණික විපර්යාස, ගැටුම් සහ ආහාර අනාරක්‍ෂිතතාව නිසා ඇති වන නව තර්ජනවලින් අදහස් වන්නේ ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම සඳහා තව තවත් කටයුතු කළ යුතු බවයි.
තිරසර සංවර්ධන අරමුණු (SDGs) යනු අප ආරම්භ කළ දෙය අවසන් කර, 2030 වන විට දරිද්‍රතාවය සියලු ආකාර හා මානයන්ගෙන් අවසන් කිරීමට වන එඩිතර කැපවීමකි. වඩාත්ම අවදානමට ලක් විය හැකි අය ඉලක්ක කිරීම, මූලික සම්පත් හා සේවා වැඩි කිරීම සහ ගැටුම් හා දේශගුණය සම්බන්ධ විපත් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම මෙයට ඇතුළත් වේ.