Skip to main content
switcher භාෂාව තෝරන්න

අපි අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවයන්ට
හානි නොවන ලෙස,
වර්තමාන අවශ්‍යතා සපුරාගනිමු.

තිරසර සංවර්ධනය යනු කුමක්ද?

තිරසර සංවර්ධනය යන්න පුළුල් ලෙස අර්ථ දැක්වෙන්නේ අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාවට හානි නොවන ලෙස වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්‍ධනය ලෙස ය. නමුත්,බැලූ බැල්මට බොහෝ මිනිසුන් තිරසර සංවර්ධනය පරිසරයට සීමා කළත්, එය සමානව සමාජ සාධාරණත්වය හා ආර්ථික සංවර්ධනය තුළ මුල් බැසගෙන ඇත.

තිරසර සංවර්‍ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයකි.

2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය සහ එහි තිරසර සංවර්ධන ඉලක්ක - ජාත්‍යන්තර සහයෝගීතාවයේ වර්තමාන ප්‍රමුඛ ගෝලීය රාමුවේ පදනම වන්නේ තිරසරභාවයයි.

තිරසර සංවර්ධන ඉලක්ක මොනවාද?

2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ. - ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට මාවතක් සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර එමඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත - කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළවේ.

නව ගෝලීය ඉලක්කයන් ආරම්භයේ සිටම ව්‍යාපාර, සිවිල් සමාජය සහ පුරවැසියන් සම්බන්ධ කරගත් රජයන් සමඟ වෙන කවරදාටත් වඩා සංයුක්ත වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ලෝකය යා යුත්තේ කොතැනටද යන්න පිළිබඳව අපි සියලු දෙනා එකඟතාවයක සිටියි. මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා සමාජයේ සෑම අංශයක්‌ම පෙර නොවූ විරූ උත්සාහයක් ගත යුතු අතර, තිරසර සංවර්ධන සභාව වශයෙන් අපි සැම දෙනාටම තිරසර සංවර්‍ධිත රටක් කරා ලංකාව ගෙන යාමට කැපවී සිටින්නෙමු.

පස් කුළුණු

  • හැදින්වීම

    තිරසර සංවර්ධන ඉලක්ක 17 කුළුණු
    පහකට වර්ග කළ හැකිය..

  • මිනිසුන්

    දරිද්‍රතාවයෙහි සියලුම ආකාර මානයන් තුරන් කිරීම සහ සාගින්න තුරන් කිරීම, සියලු දෙනාම අන්තර්ගත වූ සියලු මිනිසුන්ට හිතකර පරිසරයක් තුළ ගෞරවයෙන්, සමානාත්මතාවයෙන් යුතුව තම හැකියාවන් සපුරාලිය හැකි අයුරින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිම

  • ලෝකය

    තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය, ලෝකයේ ස්වාභාවික සම්පත් තිරසරව කළමනාකරණය කිරීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් හදිසි පියවර ගැනීම මඟින් වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවයන්ට සහාය විය හැකි වීමෙන් පෘථිවිය පිරිහීමෙන් ආරක්ෂා කිරීම සඳහා.

  • සමෘද්ධිය

    සියලු මනුෂ්‍යයන්ට සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිත භුක්ති විඳිය හැකි බව සහ ආර්ථික, සමාජීය හා තාක්‍ෂණික ප්‍රගතිය ස්වභාවධර්මයට අනුකූලව සිදු වන බව සහතික කිරීම සඳහා.

  • සාමය

    භීතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, යුක්ති සහගත සහ සියලු දෙනා අන්තර්ගත වු සමාජයන් බිහි කිරීම සඳහා. සාමය නොමැතිව තිරසර සංවර්ධනයක් හෝ තිරසර සංවර්ධනයක් නොමැතිව සාමයක් තිබීමට හැකියාවක් නැත.

  • හවුල්කාරිත්වය

    මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට, තිරසර සංවර්ධනය සඳහා වන පුනර්ජීවනය වූ ගෝලීය හවුල්කාරිත්වයක් තුළින් අවශ්‍ය ක්‍රමවේද බලමුලු ගැන්වීම අත්‍යාවශ්‍ය වේ. දරිද්‍රතාවයෙන් සහ වඩාත් අවදානමට ලක් වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශක්තිමත් ගෝලීය සහයෝගීතාවයක්‌ මත පදනම් වූ හවුල්කාරිත්වයක්ද , සෑම රටකම සියලු පාර්ශවකරුවන්ගේ සහ සියලු ජනතාවගේ සහභාගීත්වය ද මේ සඳහා අතවශ්‍ය වේ.