Skip to main content
switcher භාෂාව තෝරන්න

නිතර අසන ප්‍රශ්න

Q:තිරසර සංවර්ධනය යනු කුමක්ද? එය ළඟා කර ගත හැක්කේ කෙසේද?

  • තිරසර සංවර්ධනය යනු අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව අවහිර නොකරමින් වර්තමාන අවශ්‍යතාවයන් සපුරාලන සංවර්ධනයක් ලෙස අර්ථ දක්වා ඇත
  • මිනිසුන්ට සහ පෘථිවියට සියලු දෙනා අන්තර්ගතකරණය වූ, තිරසර හා ප්‍රත්‍යාස්ථ අනාගතයක් ගොඩනැගීම සඳහා තිරසර සංවර්ධනය සාමූහික ප්‍රයත්නයක් ඉල්ලා සිටියි.
  • තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ආර්ථික වර්ධනය, සමාජ අන්තර්ගතකරණය සහ පරිසර සුරක්ශිතභාවය යන මූලික අංග තුනක සුසංයෝගය ඉතා වැදගත් වේ. මෙම අංග අන්තර් සම්බන්ධ වන අතර පුද්ගලයින්ගේ සහ සමාජයන්හි යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ.
  • දරිද්‍රතාවයෙහි සියලුම ආකාර හා මානයන් තුරන් කිරීම තිරසර සංවර්ධනය සඳහා අත්හළ නොහැකි අවශ්‍යතාවකි. මේ සඳහා, තිරසර වූ, සියලු දෙනාම අන්තර්ගත, සාධාරණ ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, සැමට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීම, අසමානතාවයන් අඩු කිරීම, මූලික ජීවන තත්වයන් ඉහළ නැංවීම, සාධාරණ සමාජීය සංවර්ධනයක් හා සහභාගීත්වය සඳහා අනුබල දීම, සහ ස්වාභාවික සම්පත් හා පරිසර පද්ධති ඒකාබද්ධ හා තිරසර කළමනාකරණයේ ප්‍රවර්ධනය තිබිය යුතුය.

Q:“තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය” යනු කුමක්ද?

  • එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193, “අපේ ලෝකය පරිවර්තනය කිරීම: තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය” නැමති නව තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල ලේඛනය සඳහා එකඟතාවයකට පැමිණියහ. මෙම න්‍යාය පත්‍රයේ අරමුණු 17 ක් සහ ඉලක්ක 169 ක් අඩංගු වේ. ප්‍රතිඵල ලේඛනය මෙයින් ලබා ගත හැක:https://sustainabledevelopment.un.org/post2015/transformingourworld
  • ලෝක නායකයින් විසින් මෙම විශ්වීය, ඒකාබද්ධ හා පරිවර්තනීය න්‍යාය පත්‍රය නිල වශයෙන් සම්මත කර ගනු ලබන්නේ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සහ 2030 වන විට වඩාත් තිරසර ලෝකයක් ගොඩනැගීමටය.
  • මෙම න්‍යාය පත්‍රය 2000 වර්ෂයේ දී සම්මත කරන ලද සහශ්‍ර සංවර්ධන අරමුණු (MDGs) හි සාධනය මත පදනම්ව ගොඩනැගුනු අතර, ඉන් පසු වසර 5ට අදාළ සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා මග පෙන්වනු ලැබීය. ගෝලීය අරමුණු මගින් මිලියන ගණනක් දරිද්‍රතායෙන් ඔසවා තැබිය හැකි බව සහශ්‍ර සංවර්ධන අරමුණු (MDGs) වලින් ඔප්පු වී ඇත.

Q:තිරසර සංවර්ධන අරමුණු (SDGs) මොනවාද?

  • නව තිරසර සංවර්ධන අරමුණු (SDGs) 17, තිරසර සංවර්ධනයේ අන්තර් සම්බන්ධිත අංග තුන: ආර්ථික වර්ධනය, සමාජ අන්තර්ගතකරණය සහ පරිසර සුරක්ශිතභාවය කෙරෙහි අවධානය යොමු කරන අපේක්ෂා තැබිය හැකි, පැහැදිලි තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සකස් කරයි.
  • තිරසර සංවර්ධන අරමුණු (SDGs) සහ ඉලක්ක ගෝලීය ස්වභාවයෙන් යුක්ත වන අතර විවිධ ජාතික යථාර්ථයන්, හැකියාවන් සහ සංවර්ධන මට්ටම් සලකා බලමින්, ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන්ට ගරු කිරීමින් විශ්වීය වශයෙන් අදාළ කරගත හැක. ඒවා එකිනෙකින් ස්වාධීන නොවේ - ඒවා ඒකාබද්ධ ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතුය. තිරසර සංවර්ධන අරමුණු (SDGs) සහ ඉලක්ක සම්පූර්ණ ලැයිස්තුව මෙම වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක: https://sdgs.un.org/goals
  • තිරසර සංවර්ධන අරමුණු (SDGs) යනු සියලු පාර්ශවකරුවන් සහ ජනතාවගේ හඬ ද ඇතුලත් වූ, සහභාගීත්ව, පාරදෘශ්‍ය තුන් අවරුදු ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එම අරමුණු සාමාජික රටවල් 193 අතර තිරසර සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ පෙර නොවූ විරූ ගිවිසුමක් නියෝජනය කරයි. සිවිල් සමාජය, ව්‍යාපාරිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෙනත් ක්‍රියාකාරීන්ගෙන් එම අරමුණු වලට ලෝක ව්‍යාප්ත සහයෝගය ලැබී තිබේ.

Q:තිරසර සංවර්ධන අරමුණු සකස් වුණේ/ විකාශනය වූයේ කෙසේද?

  • 2000 වර්ෂයේ දී දියත් කරන ලද සහස්‍ර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ඉලක්කගත වර්ෂය 2015 ලෙස නියම කෙරිණි. අරමුණුවල සාර්ථකත්වය හඳුනා ගැනීමත් - 2015 න් ඔබ්බට නව සංවර්ධන න්‍යාය පත්‍රයක් අවශ්‍ය නිසාත් - සලකා බැලීමට සහ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිරසර සංවර්ධන අරමුණු සමූහයක් සකස් කිරීමට විවෘත ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීම සඳහා 2012 දී රියෝ + 20, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ සමුළුවේදී රටවල් එකඟ විය.
  • වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසු, විවෘත ක්‍රියාකාරී කණ්ඩායම විසින් තිරසර සංවර්ධන අරමුණු 17 සඳහා සිය නිර්දේශය ඉදිරිපත් කරන ලදී.
  • 2015 අගෝස්තු මස ආරම්භයේදී, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 විසින් “අපේ ලෝකය පරිවර්තනය කිරීම: තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය” වන නව න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල ලේඛනය සඳහා එකඟතාවකට එළඹිණි.
  • අරමුණු 17 සමඟ නව තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සම්මත කර ගැනීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සමුළුව, 2015 සැප්තැම්බර් 25 සිට 27 දක්වා, මහා සභා සමුළුවේ ඉහළ මට්ටමේ පූර්ණ රැස්වීමක් ලෙස නිව්යෝක් නුවරදී පැවැත්වීමට සාමාජික රටවල් තීරණය කරන ලදී.

Q:තිරසර සංවර්ධන අරමුණු සඳහා පාදක වන අංග මොනවාද?

  • මිනිසුන්, සියලු ආකාර හා මානයන්ගෙන් යුත් දුප්පත්කම සහ සාගින්න තුරන් කිරීමට, සහ සියලු මිනිසුන්ට හිතකර පරිසරයක් තුළ ගෞරවයෙන්, සමානාත්මතාවයෙන් යුතුව තම හැකියාවන් සපුරාලිය හැකි බව සහතික කිරීමට අප අධිෂ්ඨාන කරන නිසාවෙනි.
  • ලෝකය, තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය, ලෝකයේ ස්වාභාවික සම්පත් තිරසරව කළමනාකරණය කිරීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් හදිසි පියවර ගැනීම මඟින් වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවයන්ට සහාය විය හැකි වීමෙන් පෘථිවිය පිරිහීමෙන් ආරක්ෂා කිරීම සඳහා.
  • සමෘද්ධිය, සියලු මනුෂ්‍යයන්ට සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිත භුක්ති විඳිය හැකි බව සහ ආර්ථික, සමාජීය හා තාක්‍ෂණික ප්‍රගතිය ස්වභාවධර්මයට අනුකූලව සිදු වන බව සහතික කිරීම සඳහා.
  • සාමය, භීතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, යුක්ති සහගත සහ සියලු දෙනා අන්තර්ගතකරණය වූ සමාජයන් පෝෂණය කිරීම සඳහා. සාමය නොමැතිව තිරසර සංවර්ධනයක් සහ තිරසර සංවර්ධනයක් නොමැතිව සාමයක් තිබීමට හැකියාවක් නැත.
  • හවුල්කාරිත්වය, තිරසර සංවර්ධනය සඳහා වන පුනර්ජීවනය වූ ගෝලීය හවුල්කාරිත්වයක් තුළින් මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රම බලමුලු ගැන්වීම සඳහා.දුප්පතුන්ගේ හා වඩාත් අවදානමට ලක් වූ අයගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශක්තිමත් ගෝලීය සහයෝගීතාවයේ ස්වභාවය මත පදනම් වූ හවුල්කාරිත්වයක්. මේ සඳහා සියලු රටවල් වල, සියලු පාර්ශවකරුවන්ගේ සහ සියලු ජනතාවගේ සහභාගීත්වය අවශ්‍ය වේ.

Q:වඩාත් නිශ්චිත වූ සහස්‍ර සංවර්ධන අරමුණු (MDGs)වලට සාපේක්ෂව තිරසර සංවර්ධන අරමුණු පුළුල් වන්නේ ඇයි ?

  • ඉලක්ක 21 ක් සහිත සහශ්‍ර සංවර්ධන අරමුණු 8 ට සාපේක්ෂව ඉලක්ක 169 ක් සහිත තිරසර සංවර්ධන අරමුණු 17 ක් ඇත. අද ලෝකයේ පවතින සංකීර්ණ අභියෝගයන් විසින් පුළුල් පරාසයක ගැටළු ආවරණය කළ යුතු බව ඉල්ලා සිටියි. එමෙන්ම ගැටළු වල ලක්ෂණ පමණක් නොව, ගැටළු වලට මූලික හේතු ආමන්ත්‍රණය ද ඉතා වැදගත් වේ.
  • තිරසර සංවර්ධන අරමුණු යනු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ක් සම්බන්ධ කර ගත් සාකච්ඡා ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර එයට සිවිල් සමාජයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ පෙර නොවූ විරූ සහභාගීත්වයක් දක්නට ලැබුණි. මෙයින් පුළුල් පරාසයක අභිලාෂයන් සහ දෘෂ්ටිකෝණ නිරූපණයට සැලැස්විණි. එසේ වුවද, සහශ්‍ර සංවර්ධන අරමුණු (MDGs) විශේෂඥයන් කණ්ඩායමක් විසින් රහසිගත ලෙස සකස් කර ඇත.
  • තිරසර සංවර්ධනයේ අන්තර් සම්බන්ධිත අංගයන් වන ආර්ථික වර්ධනය, සමාජ අන්තර්ගතකරණය සහ පරිසර සුරක්ශිතභාවය ආමන්ත්‍රණය කරනු ඇති නිසා තිරසර සංවර්ධන අරමුණු පුළුල් පරාසයක විහිදේ. සහශ්‍ර සංවර්ධන අරමුණු මූලික වශයෙන් අවධානය යොමු කළේ සමාජ න්‍යාය පත්‍රයට ය.
  • සහශ්‍ර සංවර්ධන අරමුණු ඉලක්ක කර ගත්තේ සංවර්ධනය වෙමින් පවතින, විශේෂයෙන්ම දරිද්‍රතම රටවල් වන අතර තිරසර සංවර්ධන අරමුණු මුළු ලෝකයටම, සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ වේ.

Q:තිරසර සංවර්ධන අරමුණු (SDGs) සහශ්‍ර සංවර්ධන අරමුණු (MDGs) වලින් වෙනස් වන්නේ කෙසේද?

  • ඉලක්ක 169 ක් සහිත තිරසර සංවර්ධන අරමුණු 17 පුළුල් පරාසයකින් යුක්ත වන අතර දරිද්‍රතාවයට මූලික හේතු සහ සියලු ජනතාව සඳහා ක්‍රියාත්මක වන විශ්වීය සංවර්ධනයේ අවශ්‍යතාවය ආමන්ත්‍රණය කරමින් සහශ්‍ර සංවර්ධන අරමුණු වලට වඩා ඉදිරියට යනු ඇත. මෙම අරමුණු තිරසර සංවර්ධනයේ මානයන් තුන වන: ආර්ථික වර්ධනය, සමාජ අන්තර්ගතකරණය සහ පරිසර සුරක්ෂිතභාවය ආවරණය කරනු ඇත.
  • සහශ්‍ර සංවර්ධන අරමුණු වල සාර්ථකත්වය හා වේගය පදනම් කර ගනිමින්, අසමානතා, ආර්ථික වර්ධනය, යහපත් රැකියා, නගර සහ මානව ජනාවාස, කාර්මිකකරණය, බලශක්තිය, දේශගුණික විපර්යාස, තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය, සාමය සහ යුක්තිය යනාදිය ආමන්ත්‍රණයේ අභිලාෂයෙන් නව ගෝලීය අරමුණු වැඩි ඉඩක් ආවරණය කරයි.
  • නව අරමුණු විශ්වීය වන අතර ඒවා සෑම රටකටම අදාළ වන අතර, සහශ්‍ර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණකි.
  • තිරසර සංවර්ධන අරමුණු (SDGs) වල මූලික ලක්ෂණය වන්නේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයි - මූල්‍ය සම්පත් බලමුලු ගැන්වීම - එමෙන්ම ධාරිතාව ඉහළ නැංවීම සහ පරිසර හිතකාමී තාක්ෂණයන්ට මාරු වීමයි.
  • තිරසර සංවර්ධනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා දේශගුණික විපර්යාසයන් නිරාකරණය අත්‍යවශ්‍ය බව නව අරමුණු හඳුනා ගනී. තිරසර සංවර්ධන අරමුණ 13 (SDG 13) හි ඉලක්කය වන්නේ දේශගුණික විපර්යාස සහ එහි බලපෑම් වලට එරෙහිව හදිසි ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමයි.

Q:තිරසර සංවර්ධන අරමුණු (SDGs) 17 සහ ඉලක්ක 169 ගණනින් වැඩි, අපැහැදිලි සහ යථාරූපී නොවන්නේ නැතිද?

  • දරිද්‍රතාවය තුරන් කිරීම, සමෘද්ධිය බෙදා හදා ගැනීම සහ ලෝකයේ තිරසරකරණය සරල සූත්‍රයකට ලඝු කළ නොහැකිය.
  • තිරසර සංවර්ධන අරමුණු (SDGs) සන්දර්භය පදනම් කරගත් සාක්ෂි මගින් රටවල් මට්ටමින් අභිරුචිකරණය කර ගත හැකි අතර, හවුල් ගෝලීය අරමුණු සහ ඉලක්ක නිරූපණය කරයි.

Q:තිරසර සංවර්ධනය යනු පරිසර න්‍යාය පත්‍රයක් ද?

නැත, තිරසර සංවර්ධනය පරිසරයට පමණක් සීමා වී නොමැති අතර එය සමාජීය, ආර්ථික, දේශපාලනික සහ නෛතික ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන පුළුල් විෂය පථයක් ඉදිරිපත් කරයි.

නිති අසන පැණ/ නිතර අසන ප්‍රශ්න

තිරසර සංවර්ධන සභාව පිලිබඳ නිති අසන පැණ/ නිතර අසන ප්‍රශ්න


Q:තිරසර සංවර්ධන සභාවෙහි (SDC) සංයුතිය කුමක්ද?

සභාව පහත සාමාජිකයන්ගෙන් සමන්විතය:

  • නිල බලයෙන් පත් වන සාමාජිකයන්
  • ජනාධිපති ලේකම්වරයා
  • තිරසර සංවර්ධන විෂයය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා
  • ජාතික ප්‍රතිපතති සැලසුම් සම්පාදන විෂයය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නාමිකයෙක්
  • පරිසර විෂයය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නාමිකයෙක්
  • ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන තවත් සාමාජිකයන් අට දෙනෙක්