Skip to main content
switcher භාෂාව තෝරන්න

Industry, innovation and infrastructure

කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්

  1. මුල් පිටුව
  2. තිරසාර සංවර්ධන අරමුණු (SDGs)
  3. කර්මාන්ත, නවෝත්පාදන සහ…

කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්

 

බොහෝ රටවල තිරසර සංවර්ධනයක් ළඟා කරගැනීමට සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා යටිතල පහසුකම් - ප්‍රවාහන, වාරිමාර්ග, බලශක්තිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සඳහා වන ආයෝජන ඉතා වැදගත් වේ. ඵලදායිතාවයේ හා ආදායමේ වර්ධනය සහ සෞඛ්‍යයයේ හා අධ්‍යාපනයේ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන අවශ්‍ය බව දිගු කලක් තිස්සේ හඳුනාගෙන තිබේ.

නිෂ්පාදනය යනු ආර්ථික සංවර්ධනයේ හා සේවා නියුක්තියේ වැදගත් ධාවකයකි. කෙසේවෙතත්, වර්තමානයේදී යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ඒක පුද්ගල නිෂ්පාදන අගය එකතු කිරීම වන ඇමරිකානු ඩොලර් 4,500 ට සාපේක්ෂව අවම සංවර්ධිත රටවල ඒක පුද්ගල නිෂ්පාදන අගය එකතු කිරීම ඇමරිකානු ඩොලර් 100 ක් පමණි. සලකා බැලිය යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීමයි. පසුගිය දශකය තුළ බොහෝ රටවල විමෝචනය අඩු වී ඇති නමුත් එය පහත වැටීමේ වේගය ලොව පුරා ඒකාකාරීව සිදුවී නොමැත.

තාක්‍ෂණික ප්‍රගතිය යනු සම්පත් සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම වැනි පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයේ පදනමයි. තාක්‍ෂණය හා නවෝත්පාදනයන් නොමැතිව කාර්මිකකරණය සිදු නොවන අතර කාර්මිකකරණය නොමැතිව සංවර්ධනය සිදු නොවේ. නිපදවන නිෂ්පාදන අතර ආධිපත්‍යය දරන අධි තාක්‍ෂණික නිෂ්පාදන වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ආයෝජන වැඩි වශයෙන් කළ යුතු අතර පුද්ගලයන් අතර සම්බන්ධතා වැඩි කරන ජංගම දුරකථන සේවාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

9.1

ආර්ථික සංවර්ධනය සහ මානව යහපැවැත්ම වෙනුවෙන් සියලු දෙනාටම ලබාගත හැකි සහ ප්‍රවේශ විය හැකි වීම අවධානයට ගෙන කලාපීය සහ ජාතික දේශසීමාවන් අතර සිදුකරන යටිතල පහසුකම් ද ඇතුළත්ව ගුණාත්මක වශයෙන් ඉහළ විශ්වාසදායී තිරසර සහ ආපදාවන්ට ඔරුත්තු දෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

9.2

සියලුදෙනාම අන්තර්ගත වන්නා වූ සහ තිරසර වූ කර්මාන්තකරණය ප්‍රවර්ධනය කිරීම, 2030 වන විට ජාතික තත්වයන්ට අනුකූල රැකියාවන් සැපයීමේදී කර්මාන්ත අංශයේ දායකත්වය කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීම සහ අවම වශයෙන් සංවර්ධනය වී ඇති රටවල මෙම දායකත්වය දෙගුණයක් බවට පත් කිරීම.

9.3

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා පරිමාණ කර්මාන්ත සහ වෙනත් ව්‍යවසායන් සඳහා මූල්‍ය සේවාවන්, ණය ලබාගැනීමේ ප්‍රවේශය සහ අවස්ථාවන් ඉහළ නැංවීම සහ එම ව්‍යවසායන් වටිනාකම් දාමයන්ට සහ වෙළඳපොළ දාමයන්ට ඒකාබද්ධ කිරීම.

9.4

2030 වන විට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ කර්මාන්ත තිරසර කිරීම සඳහා නව තාක්ෂණය මගින් සංවර්ධනය කිරීම. කර්මාන්ත ක්‍රියාවලියේදී සම්පත් කාර්යක්ෂම ආකාරයට භාවිතා කිරීම වැඩිදියුණු කිරීම සහ පිරිසිදු සහ පරිසරයට සුදුසු ගුණාත්මකභාවයෙන් ඉහළ තාක්ෂණයන් උපයෝගී කරගැනීමට සියලුම රටවල් ඔවුන්ට පවත්නා ධාරිතාවන් අනුව මේ සම්බන්ධයෙන් පියවර ගැනීම.

9.5

විද්‍යාත්මක පර්යේෂණ වැඩිදියුණු කිරීම. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ඇතුළු සියලු රටවල කර්මාන්ත අංශයන්හි තාක්ෂණික ධාරිතාවන් ඉහළ නැංවීම. 2030 වන විට නවෝත්පාදනය දිරිගැන්වීම සහ පර්යේෂණ හා සංවර්ධන කාර්යයන්හි නියුතු ශ්‍රමිකයන් සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ප්‍රමානිකව ඉහළ නැංවීම සහ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වූ වියදම් වැඩි කිරීම.

9.A

අප්‍රිකානු රටවලට, අවම වශයෙන් සංවර්ධනය වූ රටවලට, අනෙකුත් රටවලින් වට වූ රටවලට සහ සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දිවයින් රාජ්‍යවලට මූල්‍යමය, තාක්ෂණවෙදී සහ තාක්ෂණික සහයෝගය ලබා දීම මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඔරොත්තු දෙන ආකාරයෙන් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම.

9.B

සංවර්ධනය වෙමින් පවත්නා රටවල දේශීය තාක්ෂණ සංවර්ධනය, පර්යේෂණ, සහ නවෝත්පාදනය සඳහා සහාය ලබාදීම, එකිනෙකා අතර කර්මාන්ත විවිධාංගීකරණය සහ නිෂ්පාදනයන් සඳහා වටිනාකම එකතු කිරීම සඳහා යෝග්‍ය ප්‍රතිපත්ති වාතාවරණයක් සැකසීම.

9.C

2020 වන විට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමේ හැකියාව කැපී පෙනෙන ආකාරයට වර්ධනය කිරීම සහ අවම වශයෙන් සංවර්ධනය වී ඇති රටවලට අඩු මිලට සහ සැමටම අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමේ අවස්ථාව සැලසීමට ප්‍රයත්න දැරීම.