Skip to main content
switcher භාෂාව තෝරන්න

Responsible consumption and production

වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය

  1. මුල් පිටුව
  2. තිරසාර සංවර්ධන අරමුණු (SDGs)
  3. වගකීමෙන් යුතු පරිභෝජනය…

වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය

තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය යනු සම්පත් හා බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම, තිරසර යටිතල පහසුකම් සහ මූලික සේවාවන් ලබා ගැනීමේ හැකියාව සැපයීම, හරිත හා යහපත් රැකියා සහ සැමට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීම ය. එය ක්‍රියාත්මක කිරීම මගින් සමස්ත සංවර්ධන සැලසුම් සාක්ෂාත් කර ගැනීමටත්, අනාගතයේදී ආර්ථිකයට, පරිසරයට හා සමාජයට වන හානිය අඩු කරගැනීමටත්, ආර්ථික තරඟකාරිත්වය ශක්තිමත් කිරීමටත්, දරිද්‍රතාවය අඩු කිරීමටත් උපකාරී වේ.

වර්තමානයේදී, විශේෂයෙන්ම නැගෙනහිර ආසියාව තුළ ස්වාභාවික සම්පත්වල ද්‍රව්‍යමය පරිභෝජනය ඉහළ යමින් පවතී. වාතය, ජලය සහ පාංශු දූෂණය සම්බන්ධ අභියෝගවලට ද රටවල් අඛණ්ඩව මුහුණ දෙමින් සිටී.

 

තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය අරමුණු කරන්නේ "අඩු වියදමකින් යහපත් සහ වැඩි දෙයක් කිරීම" නිසා, සමස්ත ජීවන චක්‍රය පුරාම සම්පත් භාවිතය, පිරිහීම සහ දූෂණය අවම කිරීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් වලින් ශුද්ධ සුභ සිද්ධිය ඉහළ නැංවීමට හැකි වීමත් සමඟම ජීවන තත්වය ඉහළ නැංවීම ය. නිෂ්පාදකයාගේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා සියල්ලන් සම්බන්ධ කර ගනිමින් සැපයුම් දාමය ක්‍රියාත්මක කිරීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කළ යුතුය. තිරසර පරිභෝජනය සහ ජීවන රටාවන් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම, ප්‍රමිති සහ ලේබල් මගින් ඔවුන්ට ප්‍රමාණවත් තොරතුරු සැපයීම සහ තිරසර මහජන ප්‍රසම්පාදන කටයුතුවල නිරත වීම මෙයට ඇතුළත් ය.

12.1

සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය සහ ධාරිතාවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් වන දස අවුරුදු වැඩසැලැස්ම සංවර්ධනය වූ රටවල ප්‍රධානත්වයෙන් සියලුම රටවල් විසින් ක්‍රියාවට නැංවීම.

12.2

2030 වන විට ස්වභාවික සම්පත් තිරසර අන්දමින් කළමනාකරණය කිරීම සහ කාර්යක්ෂමව භාවිතා කිරීම වෙත ළඟා වීම.

12.3

2030 වන විට සිල්ලර සහ පරිභෝජන මට්ටම්වල ඒක පුද්ගල ආහාර අපතේ යාම අවම කිරීම සහ පශ්චාත් අස්වනු හානි ඇතුළුව නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි සිදුවන්නා වූ අපතේ යාම අවම කිරීම.

12.4

2020 වන විට එකඟතාවට පත් වී ඇති අන්තර්ජාතික වැඩසැලැස්මට අනුකූලව පරිසර හිතකාමී අන්දමට රසායනික ද්‍රව්‍ය හා සියලුම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ක්‍රියාවට නැංවීම සහ එමගින් මානව සෞඛ්‍යයට සහ පරිසරයට සිදුවන්නා වූ අහිතකර බලපෑම අවම කිරීම සඳහා වාතයට, ජලයට සහ පසට ඒවා මුදා හැරීම අවම කිරීම.

12.5

2030 වන විට අපද්‍රව්‍ය උත්පාදනය වීම වැළැක්වීම, අඩුකිරීම, ප්‍රතිචක්‍රීයකරණය සහ ඒවා නැවත භාවිතා කිරීම මගින් අඩු කිරීම.

12.6

විශේෂයෙන්ම විශාල සහ ජාත්‍යන්තර සමාගම් ඇතුළු සියලු සමාගම්වල තිරසර භාවිතයන් යොදා ගැනීමට පෙළඹවීම සහ ඔවුන්ගේ වාර්තා කිරීමේ චක්‍රයට තිරසර තොරතුරු ඒකාබද්ධ කිරීම දිරි ගැන්වීම.

12.7

ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතාවන් අනුව තිරසර මහජන ප්‍රතිසම්පාදන භාවිතයන් ප්‍රවර්ධනය කිරීම.

12.8

2030 වන විට සියලුම ප්‍රදේශවල සිටින සියලු දෙනාට තිරසර සංවර්ධනය හා ස්වභාවධර්මය සමග සුසංයෝගයෙන් යුත් ජීවන රටාවක් ගත කිරීම පිළිබඳව දැනුවත්භාවයක් සහ ඊට අදාළ තොරතුරු ලැබී තිබීම තහවුරු කිරීම.

12.A

තවදුරටත් තිරසරවත් පරිභෝජන සහ නිෂ්පාදන රටාවන්වලට යොමු වීමට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික ධාරිතාවන් ලබා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය ලබා දීම.

12.B

රැකියාවන් උත්පාදනය කරන්නා වූ සහ දේශීය සංස්කෘතිය සහ භාණ්ඩ ප්‍රවර්ධනය කරන්නා වූ තිරසර සංචාරක කර්මාන්තයකට තිරසර සංවර්ධනය මගින් සිදුකරන්නා වූ බලපෑම අධීක්ෂණය කිරීමට මෙවලම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාවට නැංවීම.

12.C

ජාතික තත්වයන්ට අනුකූලව බදු අය කිරීම ප්‍රතිව්‍යුහගත කිරීම සහ හානිකර සහනාධාර වලින් ඉවත්වීම ද ඇතුළුව වෙළඳපොල මිල විකෘති තත්වයන් ඉවත් කිරීම මගින් අපතේ යන ආකාරයේ පරිභෝජනය දිරි ගන්වනු ලබන අකාර්යක්ෂම පොසිල ඉන්ධන සහනාධාර නිවැරදි ආකාරයට සැකසීමත් ඒවා මගින් ඇතිවන්නා වූ පරිසර බලපෑම පෙන්වා දීම හා මෙහිදී එම සහනාධාරවලින් ඉවත් වීම මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල විශේෂිත අවශ්‍යතාවන්ට හා තත්වයන්ට ඇති වන බලපෑම සැලකිල්ලට ගැනීම සහ මෙමගින් දරිද්‍රතාවෙන් පෙළෙන සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට හා ඔවුන්ගේ සංවර්ධනයට ඇති විය හැකි අහිතකර බලපෑම අවම කිරීම සැලකිල්ලට ගැනීම.