Skip to main content
switcher භාෂාව තෝරන්න

End poverty in all its forms everywhere

සියලු තන්හි පවතින සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම

සියලු තන්හි පවතින සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම

 

සෑම ආකාරයකම දරිද්‍රතාවය තුරන් කිරීම මානව වර්ගයා මුහුණ දෙන විශාලතම අභියෝගයන්ගෙන් එකකි. 1990 සිට 2015 දක්වා කාලය තුළ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩකට වඩා අඩුවී ඇති නමුත්, බොහෝ දෙනෙක් තවමත් මූලික මිනිස් අවශ්‍යතා සඳහා අරගල කරමින් සිටිති.

2015 වන විටත් මිලියන 736 ක් පමණ ජනතාව දිනකට ඇමරිකානු ඩොලර් 1.90 ට වඩා අඩු මුදලකින් යැපෙමින් ජීවත් වූහ; බොහෝ දෙනෙකුට ආහාර, පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව හිඟකම දක්නට තිබේ. චීනය සහ ඉන්දියාව වැනි රටවල ශ්‍රීඝ‍්‍ර වර්ධනය මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදවා ඇතත්, එම ප්‍රගතිය අසමාන ය. කාන්තාවන්ට අඩු වැටුප් සහිත රැකියාවක්, අධ්‍යාපනයක් සහ අඩු දේපළක් ඇති බැවින් පිරිමින්ට වඩා කාන්තාවන් දුගී වීමට වැඩි ඉඩක් ඇත.

අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අයගෙන් සියයට 80 ක් පමණ සිටින දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාව වැනි අනෙකුත් ප්‍රදේශවල ද ප්‍රගතිය සීමා වී ඇත. දේශගුණික විපර්යාස, ගැටුම් සහ ආහාර අනාරක්‍ෂිතතාව නිසා ඇති වන නව තර්ජනවලින් අදහස් වන්නේ ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම සඳහා තව තවත් කටයුතු කළ යුතු බවයි.

තිරසර සංවර්ධන අරමුණු (SDGs) යනු අප ආරම්භ කළ දෙය අවසන් කර, 2030 වන විට දරිද්‍රතාවය සියලු ආකාර හා මානයන්ගෙන් අවසන් කිරීමට වන එඩිතර කැපවීමකි. වඩාත්ම අවදානමට ලක් විය හැකි අය ඉලක්ක කිරීම, මූලික සම්පත් හා සේවා වැඩි කිරීම සහ ගැටුම් හා දේශගුණය සම්බන්ධ විපත් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම මෙයට ඇතුළත් වේ.

1.1

2030 වන විට ලෝකයේ සියලුම ස්ථානවල වෙසෙන සියලුම පුද්ගලයින්ගේ අන්ත දරිද්‍රතාව තුරන් කිරීම. වර්තමාන තක්සේරු අනුව දිනකට ඩොලර් 1.25 ට වඩා අඩුවෙන් ආදායම් ලබන අය අන්ත දිළිඳු කාණ්ඩයට අයත් වේ.

1.2

ජාතික මට්ටමේ අර්ථ නිරූපණවලට අනුකූල වන පරිදි සියලුම ආකාරයේ දරිද්‍රතාවන්ගෙන් පෙළෙන සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිමින්‚ කාන්තාවන් හා ළමුන්ගේ අනුනුපාතය අවම වශයෙන් අඩකින් අඩුකිරීම.

1.3

පහළ මට්ටමේ අයත් ඇතුළත්ව සියළුම පුද්ගලයින් සම්බන්ධයෙන් ජාතික වශයෙන් සුදුසු වන්නා වූ සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාවට නැංවීම සහ 2030 වන විට දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානම් කණ්ඩායම් ප්‍රමාණවත් ලෙස එමගින් ආවරණය වී තිබීම.

1.4

විශේෂයෙන්ම දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානමට ලක්විය හැකි අය ඇතුළුව සියලුම පිරිමින්ට සහ කාන්තාවන්ට 2030 වසර වන විට ආර්ථික සම්පත්, මූලික සේවාවන්, ඉඩම් හිමිකාරිත්වය හා පාලනය කිරීම සහ වෙනත් ආකාරයේ දේපළ උරුමයන්, ස්වාභාවික සම්පත්, සුදුසු නව තාක්ෂණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළුව මූල්‍ය සේවාවන් සඳහා ප්‍රවේශවීමට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම.

1.5

2030 වන විට දරිද්‍රතාවෙන් පෙළෙන්නන්ගේ සහ අවදානමට ලක් විය හැකි තත්වයේ සිටින්නන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඔවුන් කාලගුණික තත්වයන්ගෙන් ඇති වන්නාවූ හානිකර බලපෑම් ද ආර්ථික සමාජ සහ පරිසරමය වශයෙන් ඇතිවන්නාවූ හානි සහ ආපදාවලට නිරාවරණයවීම ද අඩු කිරීම.

1.A

විශේෂයෙන්ම අවම වශයෙන් සංවර්ධනය වූ රටවල සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල පවත්නා සියලුම ආකාරයේ දරිද්‍රතාවන් තුරන් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් සහ විශ්වාසය තැබිය හැකි ක්‍රම වේද සම්පාදනය කිරීම සඳහා වැඩිදියුණු කරන ලද සංවර්ධන සහගයෝගිතාව ඇතුළු විවිධ වූ මූලාශ්‍රයන් මගින් සම්පත් ලබා දීම කැපීපෙනෙන ආකාරයෙන් වර්ධනය කිරීම.

1.B

දරිද්‍රතාව තුරන් කිරීමේ ක්‍රියාවලීන් සඳහා ආයෝජනය කිරීම වේගවත් කිරීමට, දරිද්‍රතාවෙන් පෙළෙන අය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ජාතික, කලාපීය සහ අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිපත්ති රාමු නිර්මාණය කිරීම.