Skip to main content
switcher භාෂාව තෝරන්න

Sustainable cities and communities

තිරසර නගර සහ ප්‍රජාවන්

තිරසර නගර සහ ප්‍රජාවන්

නගර යනු අදහස්, වාණිජ්‍යය, සංස්කෘතිය, විද්‍යාව, ඵලදායිතාව, සමාජ සංවර්ධනය සහ තවත් බොහෝ දේ සඳහා කේන්ද්‍රස්ථානයකි. නගර මගින් උපරිමයෙන් මිනිසුන්ට සමාජීය හා ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට හැකියාව ලබා දී තිබේ. 2030 වන විට නගර තුළ ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව බිලියන 5 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින්, නාගරීකරණය විසින් ගෙන එන අභියෝගයන්ට මුහුණ දීම සඳහා කාර්යක්ෂම නාගරික සැලසුම්කරණ සහ කළමනාකරණ ප්‍රතිපත්ති තිබීම වැදගත් ය.

ඉඩම් හා සම්පත් වලට බාධා නොකර රැකියා හා සමෘද්ධිය අඛණ්ඩව ඇති කරන අයුරින් නගර නඩත්තු කිරීම සඳහා බොහෝ අභියෝග පවතී. පොදු නාගරික අභියෝග අතර තදබදය, මූලික සේවාවන් සැපයීමට අරමුදල් නොමැතිකම, ප්‍රමාණවත් තරම් නිවාස නොමැතිවීම, යටිතල පහසුකම් පිරිහීම සහ නගර තුළ වායු දූෂණය ඉහළ යාම තිබේ.

නගර තුළ ඝන අපද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කිරීම සහ කළමනාකරණය කිරීම වැනි වේගවත් නාගරීකරණ අභියෝග, සම්පත් භාවිතය වැඩිදියුණු කිරීම සහ දූෂණය හා දරිද්‍රතාවය අවම කරන අතරම නගර වලට අඛණ්ඩව ශක්තිමත්වීමට හා වර්ධනය වීමට ඉඩ සලස්වා විවිධ ආකාරයට ජය ගත හැකිය. නාගරික අපද්‍රව්‍ය එකතු කිරීම වැඩිකිරීම එවැනි එක් උදාහරණයකි. මූලික සේවාවන්, බලශක්තිය, නිවාස, ප්‍රවාහනය සහ තවත් බොහෝ දේ ලබාගත හැකි වීම ඇතුළුව නගර විසින් සැමට අවස්ථා ලබා දෙන අනාගතයක් තිබිය යුතුය.

11.1

2030 වන විට සියලුම දෙනාට ආරක්ෂාකාරී සහ අඩු මිළට ලබා ගත හැකි නිවාස සහ මූලික සේවාවන් වෙත ප්‍රවේශය තහවුරු කිරීම සහ පැල්පත් නිවාස වැඩිදියුණු කිරීම.

11.2

විශේෂයෙන්ම අවදානමට ලක් විය හැකි තත්වයේ සිටින කාන්තාවන්, ළමුන්, ආබාධ සහිත පුද්ගලයින්, සහ වයස්ගත පුද්ගලයින්ට විශේෂ අවධානය යොමු කරමින් මහාමාර්ගවල ආරක්ෂාව ඉහළ නැංවීම, පොදු ප්‍රවාහන පද්ධති සැලකිය යුතු මට්ටමින් ව්‍යාප්ත කිරීම මගින් 2030 වන විට සියලුම දෙනාට ආරක්ෂාකාරී අඩු මිළට ලබා ගත හැකි ප්‍රවේශවිය හැකි සහ තිරසර ප්‍රවාහන පද්ධති ලබා දීම.

11.3

2030 වන විට සියලු දෙනා අන්තර්කරණය වූ සහ තිරසර නාගරීකරණය වැඩිදියුණු කිරීම සහ සියලුම රටවල සහභාගීත්ව, ඒකාබද්ධ සහ තිරසර මානව ජනාවාස සැලසුම් කිරීම, සහ කළමනාකරණය කිරීම සඳහා ධාරිතාවන් වැඩිදියුණු කිරීම.

11.4

ලෝකයේ ස්වාභාවික සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම හා ආරක්ෂා කරගැනීම සඳහා වූ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම.

11.5

2030 වන විට දරිද්‍රතාවෙහි සහ අවදානමට පත්විය හැකි තත්වයන්හි සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජලය මගින් සිදුවන්නා වූ විනාශයන් ද ඇතුළු ආපදාවලින් ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයට සිදුවන ඍජු ආර්ථික හානිය සලකිය යුතු ලෙස අඩු කිරීම සහ මෙමගින් බලපෑමට හා මරණයට පත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීම.

11.6

2030 වන විට විශේෂයෙන්ම වාතයේ ගුණාත්මකභාවය සහ නාගරික සහ වෙනත් අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළත්ව නගර නිසා සිදු වන ඒක පුද්ගල අහිතකර පරිසර බලපෑම අඩු කිරීම.

11.7

2030 වන විට විශේෂයෙන්ම කාන්තාවන්ට සහ ළමුන්ට, වයස්ගත පුද්ගලයින්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට ආරක්ෂාකාරී වන, සියලු දෙනා අන්තර්ගත වූ, සහ පහසුවෙන් පිවිසිය හැකි පොදු හරිත අවකාශයන් ලබා දීම.

11.A

ජාතික සහ කලාපීය සංවර්ධන සැලසුම් ශක්තිමත් කිරීම මගින් නාගරික, උප නාගරික, සහ ග්‍රාමීය ප්‍රදේශවල ධනාත්මක ආර්ථික සමාජයීය සහ පරිසරාත්මක සම්බන්ධතාවලට සහාය දැක්වීම.

11.B

2020 වන විට සියලුම ආකාරයේ සියලුම මට්ටම්වල ආපදා අවදානම් අවම කිරීම පිළිබඳව සෙන්ඩායි වැඩසැලැස්මේ 2015-2030 ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාවට නංවන, සියලු දෙනා අන්තර්ගත වූ, සම්පත් කාර්යක්ෂමතාවෙන් භාවිතා කරන,කාලගුණික වෙනස්කම් අවම කිරීමේ සහ ඒ අනුව හැඩගැසෙන, ආපදාවලට ඔරොත්තු දෙන ආකාරයේ නගර සහ මානව ජනාවාසවල ප්‍රමාණය සැලකිය යුතු මට්ටමෙන් ඉහළ නැංවීම.

11.C

අවම වශයෙන් සංවර්ධනය වූ රටවලට දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන තිරසර සහ ආපදාවන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි සෑදීමට අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාදීම.