Skip to main content
switcher භාෂාව තෝරන්න

Reduced inequalities

අව අසමානාත්මතා

අව අසමානාත්මතා

ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. වඩාත්ම අවදානමට ලක් වූ රටවල් - අවම වශයෙන් සංවර්ධිත රටවල්, වෙනත් රටවලින් වට වී පවත්නා සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින කුඩා දිවයින් රාජ්‍යයන් - දරිද්‍රතාවය අවම කිරීම සඳහා අඛණ්ඩව පිවිසෙමින් සිටියි. කෙසේ වෙතත්, අසමානතාවය පවතින අතර සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සහ වෙනත් වත්කම් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් විශාල විෂමතාවයන් පවතී.

ආර්ථික වර්ධනයේ සියලු දෙනාම අන්තර්ගතකරණය නොමැති නම් සහ ආර්ථික, සමාජීය හා පාරිසරික යන තිරසර සංවර්ධනයේ මාන තුන ඇතුළත් නොවන්නේ නම් ආර්ථික වර්ධනය දරිද්‍රතාවය අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවට වැඩෙන එකඟතාවයක් පවතී. වාසනාවකට මෙන්, රටවල් අතර සහ අභ්‍යන්තරයේ ආදායම් අසමානතාවය අඩු වී ඇත. වර්තමානයේදී, දත්ත සහිත රටවල් 94 න් 60 ක ඒක පුද්ගල ආදායම ජාතික සාමාන්‍යයට වඩා වේගයෙන් ඉහළ ගොස් තිබේ. අවම වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ද අපනයනයට ප්‍රවේශ වීම සඳහා හිතකර තත්වයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ලබා ඇත.

අසමානතාවය අඩු කිරීම සඳහා, වරප්‍රසාද නොලත් සහ ආන්තික ජනගහනයේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරනවා මෙන්ම ප්‍රතිපත්ති මූලධර්ම වශයෙන් විශ්වීය විය යුතුය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීමට අමතරව, තීරුබදු රහිත ක්‍රියාපටිපාටිය වැඩි කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවලින් අපනයන සඳහා අනුග්‍රහය දැක්වීම අඛණ්ඩව සිදු කිරීමත් කළ යුතුය. අවසාන වශයෙන්, තාක්ෂණයේ නවෝත්පාදනයන් සංක්‍රමණික සේවකයින් සඳහා මුදල් ලබා දීමේ පිරිවැය අඩු කිරීමට උපකාරී වනු ඇත.

10.1

2030 වන විට ජනගහනයේ පහළ මට්ටමේ සිටින 40% ගේ ආදායම් වර්ධනය ජාතික මට්ටමේ සාමාන්‍ය අගයට වඩා වැඩියෙන් ප්‍රගතිශීලී ලෙස වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.

10.2

2030 වන විට වයස, ලිංගිකත්වය, ආබාධිතබව, ජන වර්ගය, ජාතිය, ආගම හෝ ආර්ථික හෝ වෙනත් තත්වයන් පිළිබඳව තැකීමකින් තොරව සියලු දෙනාගේ සමාජ ආර්ථික සහ දේශපාලනික අන්තර්කරණය සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම.

10.3

ප්‍රතිලාභ බෙදීයාමෙදී සමාන අවස්තාවන් පැවතීම තහවුරු කිරීම, පවත්නා අසමානතාවන් අවම කිරීම සහ වෙනස්කොට සැලකීමට තුඩුදෙන්නා වූ නීති, ප්‍රතිපත්ති සහ භාවිතාවන් ඉවත් කිරීම සහ මේ සම්බන්ධයෙන් සුදුසු නීති ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගැනීම.

10.4

විශේෂයෙන්ම මූල්‍ය, වැටුප්, සහ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති භාවිතයට ගැනීම සහ ප්‍රගතිශීලී ලෙස සමානත්වය ළඟා කර ගැනීම.

10.5

නීතිමය තත්වයන් වර්ධනය කිරීම, ලෝක මූල්‍ය වෙළඳ පොළවල් සහ ආයතන අධීක්ෂණය කිරීම, සහ මෙවැනි රෙගුලාසි ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීම.

10.6

ජගත් මට්ටමේ අන්තර්ජාතික ආර්ථික සහ මූල්‍ය ආයතන වඩාත් ඵලදායී, විශ්වාසවන්ත, වගවීමෙන් යුත් සහ නීතිමයභාවයකින් යුත් ආයතන බවට පත් කිරීම සඳහා ඒවා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සංවර්ධනය වෙමින් පවත්නා රටවල නියෝජනය කාර්යක්ෂමව තහවුරු කිරීම.

10.7

හොඳින් කළමනාකරණය කරන ලද සහ සැලසුම් කරන ලද ආකාරයට සංක්‍රමණ කටයුතු ක්‍රියාවට නැංවීම ද ඇතුළත්ව වගවීමෙන් යුක්තව, මානව සංවිධානගතව, ආරක්ෂාකාරීව ජනතාවට ඔබ මොබ යාමේ සහ සංක්‍රමණය වීමේ පහසුකම් සැලසීම.

10.A

විශේෂයෙන්ම අවම වශයෙන් සංවර්ධනය වූ රටවල් ද ඇතුළත්ව ලෝක වෙළඳ සංවිධානයේ එකඟතාවන්ට අනුකූලව සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා විශේෂ සහ වෙනස් ආකාරයට සලකන්නා වූ මූලධර්මයන් ක්‍රියාවට නැංවීම.

10.B

වැඩිම අවශ්‍යතාවක් පවත්නා අවම වශයෙන් සංවර්ධනය වූ රටවල්, අප්‍රිකානු රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දිවයින් රාජ්‍යයන්, සහ වෙනත් රටවලින් ආවරණය වී පවත්නා රටවල් සඳහා ඔවුන්ගේ ජාතික සැලසුම් සහ වැඩසටහන්වලට අනුකූලව විදේශ ඍජු ආයෝජනයන් ද ඇතුළත්ව නිල සංවර්ධන සහායන් සහ මූල්‍ය ප්‍රවාහයන් දිරිගැන්වීම.

10.C

2030 වන විට සංක්‍රමණිකයන් විසින් එවනු ලබන මුදල් ප්‍රේෂණ සඳහා හුවමාරු පිරිවැය 3% ට වඩා අඩු කිරීම සහ 5% ට වඩා වැඩියෙන් අය කරනු ලබන ප්‍රේෂණ මාර්ගයන් ඉවත් කිරීම.