Skip to main content
switcher භාෂාව තෝරන්න

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරට රැස්වේ.

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. තිරසර සංවර්ධන අරමුණු…

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරට රැස්වේ.

13 ඔක්‌ 2022

වෙලාව

9:30am

ස්ථානය

අරලියගහ මන්දිරය

අභියෝගාත්මක කාලයක් තුළ තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව පසුගිය ඔක්තෝබර් මස 13 වන දින අරලියගහ මන්දිරයේදී රැස්විය.

මෙහිදී තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම වේගවත් කිරීම සඳහා පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජාතික මට්ටමින් සුදුසු  ඉලක්ක සකස් කර ගැනීම, තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමේ දී ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමට අන්තර් අමාත්‍යංශ හා ආයතනික මට්ටමින් සහයෝගිතාවයේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු විය.

මෙම රැස්වීම සඳහා මෙහෙයුම් කමිටු සාමාජිකත්වය දරණ කැබිනට් හා රාජ්‍ය  අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍ය  ලේකම්තුමා සහ සෙසු අමාත්‍යංශ ලේකම්වරුන්/ අතිරේක ලේකම්වරුන්, නියෝජ්යය භාණ්ඩාගාර ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඇතුළු සෙසු නිලධාරීන් සහ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සහභාගී විය.

එකසත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩබලන නේවාසික නියෝජිතවරයා  මෙම රැස්වීමේ නිරීක්ෂ‍කයකු ලෙස සහභාගී වූ අතර තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ කාර්ය සාධනය අත්පත් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන සභාවේ කාර්යභාරය අගය කළ අතර 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම වෙනුවෙන් ඉදිරියේ දී ද එක්සත් ජාතීන්ගේ සහයෝගීතාවය ශ්‍රී ලංකා රජය වෙත පිරිනැමීම සඳහා එකඟත්වය ඵල කරන ලදී.

අරලියගහ මන්දිරය

අරලියගහ මන්දිරය

අරලියගහ මන්දිරය

අරලියගහ මන්දිරය

අරලියගහ මන්දිරය

අරලියගහ මන්දිරය