වෙලාව
8:30am
ස්ථානය
මධ්‍යම පළාත
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළගා කරගැනීම පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022 - මධ්‍යම පළාත් වැඩමුළුව
තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය මැන බැලීම සදහා වන ස්වේච්ඡා ජාතික ඇගයීමේ පළාත් මට්ටමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගෙන ඊයේ දින පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධනය ආයතනයේදී පැවැත්විණි.
ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ මුලික සේවා සැපයීම, පාරිසරික සංරක්ෂණය, හා නීතිය සහ සාමය යන ක්ෂේත්‍ර ඔස්සේ තුලනාත්මක සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා සැලසුම්කරණය, ප්‍රතිපත්ති සන්දර්භය, ආයතනික හා නීතිමය පසුබිම, දත්ත, මුල්‍යකරණය හා සහයෝගිතාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආරාධනාව සහ සංවිධානය මත මෙම උපදේශන වැඩමුළුව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද, කෘෂිකර්ම, ප්‍රජා ජල, මාර්ග සංවර්ධන,නිවාස, විදුලි බල, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන,සමාජ සුබසාධන පරිවාස හා ළමා රක්ෂණ ඇතුළු සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවන්හි රාජ්‍ය නිලධාරීන් ද සිවිල් සංවිධාන නියෝජනය කරමින් සහ මධ්‍යම පළාත් වාණිජ මණ්ඩල නියෝජනය කරමින් එහි නිලධාරීන්ද, පේරදෙණිය විශ්ව විද්‍යලයේ සමාජ විද්‍යා අංශය නියෝජනය කරමින් විද්වතුන්ද සහාභාගී විය. තිරසර සංවර්ධන සභාව විසින් මෙම වැඩමුළුව මෙහයවන ලද අතර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගී විය.