වෙලාව
8:30am
ස්ථානය
වයඹ පළාත් ප්‍රධාන ශ්‍රවණාගාරය
ජනතා කේන්ද්‍රීය හරිත පුදබිම් සංකල්පය ජනගත කිරීම සත්කෝරළයෙන් ඇරඹේ....
තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වය අවධාරණය කරමින් රට පුරා විසිර පවතින 26,000 කට අධික ආගමික ස්ථාන තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ එක් ප්‍රධාන පාර්ශවකරුවකු ලෙස හඳුනා ගෙන ඇත.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ කරුණු ගණනාවක් සඳහා කටයුතු කෙරෙන පුදබිමක් හරිත පුදබිමක් බවට පත් කිරීමේ ජනතා කේන්ද්‍රීය හරිත පුදබිම් සංකල්පය ජනගත කිරීම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් එහි සමාරම්භක උත්සවය වයඹ පළාත් ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඊයේ දින පවත්වන ලදී.
ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සුභාශිංසන පණිවිඩයක් ද එක් කළ මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ලේඛකාධිකාරී ශාස්ත්‍රපති වඩුගෙදර සාරානන්ද හිමි, කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරාධිපති පුජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන හිමි, කුරුණෑගල කතෝලික රදගුරු පදවි අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පියතුමා, මුත්තුමාරි අම්මාන් කෝවිල් ප්‍රධාන පුජක ප්‍රසන්න කුරුක්කල්තුමා, කුරුණෑගල ප්‍රධාන මහ පල්ලියේ ප්‍රධාන පුජක එම.ජේ.එම්.හරිස් පුජක තුමා ඇතුළු පුජ්‍ය, පුජක උතුමන්ලා විශාල පිරිසක් ප්‍රධාන කොට ගෙන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා, තිරසර සංවර්ධන සහාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රි සපරමාදු මහත්මිය , ආණ්ඩුකාර ලේකම් කමල් අමරසිංහ මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරීන් සහ සෙසු රාජ්‍ය නිළධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා මාධ්‍යවේදීන් සහභාගී විය.