Skip to main content
switcher භාෂාව තෝරන්න

තිරසර සංවර්ධනය සඳහා මහජන ආරක්‍ෂාව, නීතිය හා සාමය සුරක්‍ෂිත කිරීම

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. තිරසර සංවර්ධනය සඳහා මහජන…

තිරසර සංවර්ධනය සඳහා මහජන ආරක්‍ෂාව, නීතිය හා සාමය සුරක්‍ෂිත කිරීම

27 ඔක්‌ 2021

වෙලාව

9:00am

ස්ථානය

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය

තිරසර සංවර්ධනය සඳහා මහජන ආරක්‍ෂාව, නීතිය හා සාමය සුරක්‍ෂිත කිරීම
මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම, සමාජය මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීම, විශේෂයෙන් කාන්තාවන්ට හා දරුවන්ට අවශ්‍ය රැකවරණය සැමවිටම පවත්වාගෙන යාම, නවීන තාක්‍ෂණ හා ක්‍රමෝපායන් යොදාගනිමින් ක්‍රමවත් රථවාහන ධාවන නියාමන ක්‍රමවේදයක් හා නීතිමය රාමුවක් ක්‍රියාත්මක කිරීමෙන් මාර්ග අනතුරුවලින් සිදුවන මරණ අඩු කිරීම යන අංශ වලට අදාළ තිරසර සංවර්ධන අරමුණු අමාත්‍යංශ සැලසුම් තුළට ඇතුළත් කරගැනීම පරමාර්ථ කොටගත් වැඩමුළුවක් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී අද දින පැවැත්විණ. 
තිරසර සංවර්ධන අභිමතාර්ථ අංක 03, 10 හා 16 ට අදාලව  අමාත්‍යාංශය සතුව දැනට පවතින දත්ත හා දත්ත පරතරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කල අතර ඉහත තිරසර සංවර්ධන අභිමතාර්ථ වලට අදාල ඉලක්ක සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හිඩැස්  හා අභියෝග හදුනා ගැනීම, සුදුසු උපාය මාර්ග තුළින් එම හිඩැස් පියවා ගැනීම හා ප්‍රගතිය නියාමනය කිරීමට අවශ්‍ය දත්ත සම්පාදනය කිරීම හා වාර්තා කිරීම කඩිනම් කිරීමට අදාළව අනෙකුත් ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය තීරණ පිළිබදව මෙහිදී සාකච්ඡා විය.   
මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් තාක්ෂණික උපදෙස් ලබාදුන් අතර මහජන ආරක්‍ෂක අමාත්‍යංශ විසින් සිදු කරන ලද ආරාධනයට අනුව තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතුළු නිලධාරීන් විසින් වැඩමුළුව මෙහෙයවන ලදී.