වෙලාව
9:30am
ස්ථානය
Water’s Edge
තිරසර සංවර්ධන ගෝලීය න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළව සෞභාග්‍යය දැක්ම ජාතික ප්‍රතිපත්තියේ උපායමාර්ග අනුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සංවර්ධන මාධ්‍ය තුළින් වාර්තාකරණය සිදු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාව විසින් පසුගියදා පවත්වන ලදී.
සංවර්ධන මාධ්‍ය හරහා තොරතුරු බෙදාහැරීම, අධ්‍යාපනය, ධනාත්මක සමාජ වෙනසක් සඳහා බලපෑම් කිරිම, සමාජ සවිබල ගැන්වීම හා ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ඒ අනුව තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ග සංවර්ධන මාධ්‍ය ඇසින් වාර්තාකරණය සිදු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම වැඩසටහන සඳහා තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්‍රී සපරමාදු මහත්මිය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා සහ සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය, ජනාධිපති මාධ්‍ය අංශය, අගමැති මාධ්‍ය අංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, වියත්මඟ මාධ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය. වැඩසටහන මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.