Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

2030 වර්ෂයේදි ලගා කර ගැනිමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සඳහා භාවිතාකල දත්ත වලංගු කිරිම - හයවන වැඩමුළුව

2030 වර්ෂයේදි ලගා කර ගැනිමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සඳහා භාවිතාකල දත්ත වලංගු කිරිම - හයවන වැඩමුළුව

18 பிப் 2025

நேரம்

9:30முப

இடம்

තිරසර සංවර්ධන සභාව

2030 වර්ෂයේදි ලගා කර ගැනිමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සඳහා භාවිතාකල දත්ත වලංගු කිරිම - හයවන වැඩමුළුව

තිරසර සංවර්ධන සභාව වෙත ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබු දත්ත වලංගු කිරිම සදහා වැඩමුළුවක් අද දින පැවැත්විණි.

පලමු සැසිවාරයේදි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් තිරසර සංවර්ධන දේශිය දර්ශක 9.1.1, 11.2.1, සහ 12.4.3 එනම් ආර්ථික සංවර්ධනය සහ මානව යහපැවැත්ම වෙනුවෙන් මාර්ග සංවර්ධනය, මාර්ග අනතුරු අවම කිරිම සහ පරිසර හිතකාමි අයුරින් සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිමට අදාලව ඉදිරිපත්කර තිබු දත්ත වලංගු කිරිම සිදු කරනු ලැබිය.

මේ අනුව, ගුණාත්මක වශයෙන් ඉහල, අපදාවන්ට ඔරොත්තු දෙන මාර්ග සංවර්ධනය, මාර්ග අනතුරු අවම කිරිම සහ පරිසර හිතකාමි යටිතල පහදසුකම් සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිමට අදාල නිවැරදි දත්ත පුළුල් පරාසයක් යටතේ රුස් කිරිමට අවකාශය උදා වේ.

දෙවන සැසිවාරයේදි, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය විසින් තිරසර සංවර්ධන අරමුණු 1 එනම් සියලු තැන්හී පවතින සෑම ආකාරයකම දුගිබව අවසන් කිරිම සම්බන්ධව ඉදිරිපත්කර තිබු තිරසර සංවර්ධන දේශිය දර්ශක 1.2.i. සහ 1.4.1.i එනම් නාගරික අඩු ආදායම්ලාභින් නගාසිටුවීම සහ එම නිවාස ඒකක සදහා මුලික පහසුකම් සම්පාදනයට අදාල දත්ත වලංගු කෙරිණි.

එලෙසම තිරසර සංවර්ධන අරමුණු 11 යටතේ ඉදිරිපත්කර තිබු නගර සහ ජනාවාස පරිපුර්ණ , ආරක්ෂිත සහ තිරසර ලෙස සකස් කිරිම යටතට ගැනෙන තිරසර සංවර්ධන දර්ශක 11.ඇ.1 දේශිය අමුදව්‍ය සහ සම්පත් කාර්යක්ෂමව යොදාගනිමින් ඉදිකිරිම් සිදුකිරිම, දේශිය දර්ශක 11.1.i සහ 11.1.ii එනම් පැල්පත් සහ අවිධිමත් නිවාසවල ජිවත්වු පවුල් ඒකක සහ මැදි ආදායම් පවුල් ඒකකයන් සුදුසු නිවාසවල නැවත පදිංචි කිරිම, තිරසර සංවර්ධන දේශිය දර්ශක 11.3.2.i තිරසර නාගරික සැලසුම්කරණ සදහා ප්‍රාදේශිය පාලන ආයතනවල දායකත්වයට අදාල දත්ත වලංගු කරණු ලැබීය.

තිරසර සංවර්ධන දේශිය දර්ශක 11.4.i.i සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් සංරක්ෂණය සදහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, තිරසර සංවර්ධන දේශිය දර්ශක 11.6.i නාගරික ඝන අපදුව්‍ය තිරසර අයුරින් කළමනාකරණය කිරිම, 11.b.2.i ජාතික ආපදා අවමකිරිමේ ක්‍රමෝපායන්ට අනුගතව නාගරික සැලසුම් ක්‍රියාත්මක කිරිම යන දර්ශකයන්ට අදාලව ඉදිරිපත් කර තිබු දත්ත ඇගයිම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

මෙම සැසිවාරය නාගරික අඩු ආදායම්ලාභින් සහ අවශ්‍යතා සහිත පවුල් අර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරිම, හදුනාගත් පවුල් ඒකක වෙනුවෙන් එකාබද්ධ සහ තිරසර ජනාවාස සැලසුම් කිරිම සහ කළමණාකරණය කිරිම පිළිබදව පුලුල් ලෙස සලකා බැලිමට වැදගත් විය. එමෙන්ම නාගරික සංවර්ධන ක්‍රියාවලියේදි ස්වාභාවික උරුමයන් සංරක්ෂණය කිරිමට අදාලවන දර්ශක නිවැරදිව හදුනා ගැනිමට ද පාර්ශවකරුවන්ට අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාව සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරි මහත්ම මහත්මින් සහභාගි විය.