Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

ළමා අපයෝජන වළක්වා ගැනීමේ එක් පියවරක් ලෙස ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු විභාගකර අවසන් කිරීමේ කාලය කඩිනම් කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම

  1. முகப்பு
  2. நிகழ்வுகள் மற்றும் செய்திகள்
  3. ළමා අපයෝජන වළක්වා ගැනීමේ…

ළමා අපයෝජන වළක්වා ගැනීමේ එක් පියවරක් ලෙස ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු විභාගකර අවසන් කිරීමේ කාලය කඩිනම් කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම

02 மே 2024

நேரம்

10:00முப

இடம்

අග්‍රාමාත්‍ය කාර්යාලය

ළමා අපයෝජන වළක්වා ගැනීමේ එක් පියවරක් ලෙස  ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු විභාගකර අවසන් කිරීමේ කාලය කඩිනම් කිරීම  සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අද දින මූලික සාකච්ඡාවක්  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ  කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සහ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ මෙහෙයවිමෙන් පවත්වන ලදි.

මේ සඳහා, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, නියෝජනය කරමින්  ජේෂ්ඨ නිළධාරින්  සහභාගි විය.

කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක දෙකෙහි ක්‍රියාත්මක ළමා මහේස්ත්‍රාත්  අධිකරණ දෙකට සහ උතුරු මැද පළාතේ ක්‍රියාත්මක ළමයින් සඳහාම වෙන්වූ පළාත්  මහාධිකරණයට අමතරව සෙසු පළාත් සඳහාද එවැනි පළාත් මහාධිකරණ ස්ථාපිත කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් අධිකරණ ක්‍රියාවලිය තුල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධ නඩු කටයුතුවලදී අවශ්‍ය සන්නිවේදන සහ තාක්‍ෂණික සහය ලබාදීම මෙන්ම වඩා කාර්්‍යක්ෂම සේවයක් සහතික කිරිම සදහා විනිසුරුවරුන් සහා  අධිකරණ කාර්යය මණ්ඩලය  සදහා  ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ අවශය  මුලික යටිතල පහසුකම්  සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදි අවධානය යොමුකරන ලදි.

ඒ අනුව ඉහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට තීරණය කරන ලදි.