Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

තිරසර සංවර්ධන ඉලක්ක පදනම් වූ පළාත් සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - බස්නාහිර පළාත

තිරසර සංවර්ධන ඉලක්ක පදනම් වූ පළාත් සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - බස්නාහිර පළාත

02 பிப் 2023

நேரம்

1:00பிப

இடம்

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

ජාතික හා පළාත් මට්ටමින් තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම් වූ සැලසුම්කරණය තවදුරටත් ශක්තිමත් කිරීම හා පසුවිපරම් ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව අදාල පාර්ශවයන් දැනුවත් කිරීම සහ ඒ සදහා පහසුකම් සැපයීම මගින් ශ්‍රී ලංකාව තුළ සංවර්ධන සැලසුම්කරණ ක්‍රියාවලිය තිරසර අයුරින් ක්‍රියාත්මක කිරීම සදහා තිරසර සංවර්ධන සභාව කටයුතු කරනු ලැබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

මේ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත තිරසර ඉලක්ක පදනම් වූ පළාත් සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ පළමු දැනුවත් කිරීමේ වැඩසටහන බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී 2023 පෙබරවාරි මස 02 වන දින පවත්වනු ලැබීය.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

මේ සදහා බස්නාහිර පළාත් අමාත්‍යාංශ 05 ම නියෝජනය කරමින් සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේ  නිරත මාණ්ඩලික  නිළධාරින් සහ අදාළ සෙසු  නිළධාරීන් සහභාගි වූ අතර මෙහිදී  තිරසර ඉලක්ක පදනම් වූ සංවර්ධන සැලසුම්කරණයට අදාල න්‍යායාත්මක දැනුම, දත්ත සහ තොරතුරු විශ්ලේෂණය, අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර  තිරසර සැලසුම්කරණයට අදාළ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව ද විග්‍රාහාත්මකව සමාලෝචනයක්  සිදුකරන ලදි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය 

බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ. ඒ. ඩී. කේ. සිරිවර්ධන මහතා, තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය,  මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී තෙන්නකෝන මහතා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සංඛ්‍යාලේඛඥ ශලේන්ද්‍ර රණතුංග මහතා මෙන්ම මුදල් කොමිෂන් සභාවේ සහා තිරසර සංවර්ධන සභාවේ ජේෂ්ඨ නිළධාරීන් විසින් මෙම වැඩමුළුව සදහා සම්පත් දායකත්වය සපයනු ලැබීය.  

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය