Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

භූගෝලීය පරිසර පද්ධතීන්ගේ තිරසර භාවිතය තහවුරු කිරීමට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ඉලක්ක සකස් කර ගැනීම.

  1. முகப்பு
  2. நிகழ்வுகள் மற்றும் செய்திகள்
  3. භූගෝලීය පරිසර පද්ධතීන්ගේ…

භූගෝලීය පරිසර පද්ධතීන්ගේ තිරසර භාවිතය තහවුරු කිරීමට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ඉලක්ක සකස් කර ගැනීම.

07 அக் 2022

நேரம்

2:00பிப

இடம்

පරිසර අමාත්‍යාංශය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේදී භූගෝලීය පරිසර පද්ධතීන්ගේ තිරසර භාවිතය තහවුරු කිරීම ඉතා වැදගත් වේ. තිරසර සංවර්ධන අභිමතාර්ථ වලට අදාළ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මනිනු ලබන දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සිදු කිරීමෙන් සහ දත්ත වේදිකාව සකස් කිරීමෙන් පසු මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශ විෂය පථයට ඇතුළත් තිරසර සංවර්ධන අරමුණු හා අදාළ ඉලක්ක සකස් කර එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට අදාළ සාකච්ඡාවක් අද දින පරිසර  අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

තිරසර පරිසර සම්පත් කළමනාකරණය, වාතයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීම, තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය තහවුරු කිරීම,අපද්‍රව්‍ය කළමනාකරණය, හරිත වාර්තාකරණය,  හරිත ප්‍රසම්පාදන, දේශගුණික විපර්යාස අවම කිරීමට පියවර ගැනීම, හරිත දේශගුණික මුල්‍යකරණය, ජෛවවිවිධත්වය හා ස්වභාවික වාසභූමි ආරක්‍ෂා කිරීම, ආක්‍රමණික ශාක හා සත්ත්ව ව්‍යාප්තිය මඟ හැරවීම හා හරිත තොටුපල ක්‍රමය තුළින් ගංඟා ඉවුරු හායනය වැළක්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සහ  අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ්‍රී ලංකා ක්ලයිමෙට් ෆන්ඩ් (ප්‍රයිවට්) ලිමිටඩ්යන ආයතන සහ පරිසර අමාත්‍යංශයේ එක් එක් අංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූ අතර තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රී සපරමාදු, සහකාර අධ්‍යක්ෂ නදීකා අමරසිංහ විසින් සාකච්ඡාව මෙහෙයවන ලදි.

පරිසර අමාත්‍යංශය

පරිසර අමාත්‍යංශය

පරිසර අමාත්‍යංශය