Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

කාන්තා, ළමා හා සමාජ සුබසාධනයට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ඉලක්ක සකස් කර ගැනීම

කාන්තා, ළමා හා සමාජ සුබසාධනයට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ඉලක්ක සකස් කර ගැනීම

16 செப் 2022

நேரம்

10:00முப

இடம்

මාර්ගගත

කාන්තාවන් හා ළමුන්ට එරෙහිව සිදු වන හිංසනයන් වැලැක්වීම,විවිධ හැකියාවන් සහිත කායික අබාධ සහිත පුද්ගලයන් ආර්ථික කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීම හා වැඩිහිටි සහ විවිධ හේතුන් මත ආන්තීකරණයට ලක් වූවන් සඳහා සමාජ සුබසාධනය තහවුරු කිරීම තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා ප්‍රබල ලෙස බලපානු ලබයි.

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය මනිනු ලබන දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සිදු කිරීමෙන් සහ දත්ත වේදිකාව සකස් කිරීමෙන් පසු කාන්තා, ළමා හා සමාජ සුබසාධනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක  භාවය ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර වලට අදාළ ඉලක්ක සකස් කර එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට අදාළ සාකච්ඡාවක් අද දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි. 

කාන්තා, ළමා හා සමාජ සුබසාධන අමාත්‍යංශ විෂය පථය යටතට ගැනෙන තිරසර සංවර්ධන අරමුණු අංක 01,04,05,08,10 හා 16 යටතේ පවතින ඉලක්ක හතක් මඟින් ආවරණය වන සමාජ ආරක්‍ෂණ ක්‍රම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම, ගුණාත්මක පුර්ව ළමා විය අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථා තහවුරු කිරීම, කාන්තාවන් හා ළමුන්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම, ගෙවීමකින් තොරව සිදු කෙරෙන සේවා සහ ගෘහාශ්‍රිත වැඩවල වටිනාකම හඳුනා ගැනීම හා අගය කිරීම, දේශපාලන ක්ෂේත්‍ර තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, ආබාධිත පුද්ගලයන් සක්‍රියව ආර්ථිකයට දායක කර ගැනීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එම කටයුතු වඩා වේගවත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
 
කාන්තා, ළමා හා සමාජ සුබසාධන අමාත්‍යංශය හා එම අමාත්‍යංශය යටතේ පවතින කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, සමෘධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෞභාග්‍යයා සංවර්ධන කාර්යාංශය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ශ්‍රම සංවර්ධන, පුහුණු හා පර්යේෂණ ආයතනය, සමාජ ආරක්‍ෂන මණ්ඩලය, ආබාධ තැනැත්තන් සඳහා වන ජාතික සභාව, ආබාධ තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූ අතර තිරසර සංවර්ධන සභාවේ  අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රි සපරමාදු, සහකාර අධ්‍යක්‍ෂ නදීකා අමරසිංහ විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.