Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමට අදාළ තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මට්ටමින් ඉලක්ක සකස් කර ගැනීම

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමට අදාළ තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මට්ටමින් ඉලක්ක සකස් කර ගැනීම

07 செப் 2022

நேரம்

9:30முப

இடம்

මහජන ආරක්‍ෂක අමාත්‍යංශය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේදී මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම ඉතා වැදගත් වේ. තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය මනිනු ලබන දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සිදු කිරීමෙන් සහ දත්ත වේදිකාව සකස් කිරීමෙන් පසු මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක්  හඳුනාගෙන ඇත. එම ක්ෂේත්‍ර වලට අදාළ ඉලක්ක සකස් කර එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට අදාළ සාකච්ඡාවක් අද දින මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

අමාත්‍යංශ විෂය පථයට සෘජුවම අදාළ වන තිරසර සංවර්ධන අරමුණු අංක 03, 05 හා 16 හි ඉලක්ක යටතේ මාර්ග අනතුරු අවම කිරීම, කාන්තාවන් හා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීම, සියදිවි හානි කර ගැනීම් වැළක්වීම, මානව කුට්ටනය වැළක්වීම, නීති විරෝධී අවි ආයුධ පාලනය හා සංවිධානාත්මක අපරාධ වැළක්වීම යන කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී. විශේෂයෙන්ම, ළමා අපයෝජන වැළක්වීම හා සියදිවි හානි කර ගැනීම් අවම කිරීම අදාළව ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණ කෙරුණු අතර මේ සඳහා බහු පාර්ශවික දායකත්වය ලබා ගැනීමේ වැදගත්කමද සාකච්ඡාවට ලක් විය.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශය

 

 

 

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්.පී.සන්දනායක සහ අදාළ නිලධාරීන් සහ පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න ඇතුළු  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශ නියෝජනය කරමින් නියෝජ්‍ය පොලිස් පරීක්ෂක අසංග කරවිට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.එම්. සමරකෝන් බණ්ඩා, අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුළත්මුදලි, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ කේ.බී.වනතුංග ඇතුළු නිලධාරීන් සහභාගී විය. තිරසර සංවර්ධන සභාවේ  අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රි සපරමාදු, සහකාර අධ්‍යක්‍ෂ නදීකා අමරසිංහ සහ ෂෙරොන් හේවාවඩුගේ විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශය