Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022

15 மார் 2022

நேரம்

9:00முப

இடம்

කොළඹ

තිරසර සංවර්ධනයෙහි ප්‍රධාන අංගයක්  වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සුරැකීම, නීතිය, සාමය, සහ සවිමත් රාජ්‍ය යාන්ත්‍රණයක්‌ ස්ථාපිත කිරීමට අදාළව බහු පාර්ශවීය පාර්ශවකරුවන්ගේ, උපදේශනය ලබා ගැනීමේ  වැඩමුළුව  රාජ්‍ය නිලධාරීන්,  සිවිල් සංවිධාන නියෝජිතයන්, පෞද්ගලික අංශයේ  නියෝජිතයන්  සහ විද්වතුන්ගේද සහභාගීත්වයෙන් මාර්තු මස 15 වන දින පැවැත්විණි.  දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සදහා පත්කර ඇති මෙහයුම් කමිටුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේද, විදේශ අමාත්‍යංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද, සහභාගීත්වය සහිතව තිරසර සංවර්ධන සභාව විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.

මෙහිදී එම ක්‍ෂේත්‍රයට අයත් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම, නීතිය හා සාමය සුරැකීම, යුක්තිය සඳහා නිසි ප්‍රවේශය, විදිමත් රාජ්‍ය  යාන්ත්‍රණය සහ සේවා සැපයීම යන අංශ යටතේ අන්තර්ගත වූ සමාජයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව පාර්ශවකරුවන්ගේ  අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය.

අධිකරණ අමාත්‍යාංශය, , නීතිපති දෙපාර්තමේන්තුව,මහජන ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ජාතික කාන්තා කමිටුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව,  සමථ මණ්ඩල කොමිෂන් සභාව,  අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය ඇතුළු මෙම ක්‍ෂේත්‍රයට අදාළ රාජ්‍යය ආයතන ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, සිවිල් සංවිධාන නියෝජනය කරමින් Sarvodaya, National Peace Council, Law & Society Trust, Women In Need, Sri Lanka Press Institute, Association for War Affected Women, Hashtag Generation, federation of Local Government Authorities යනාදී සංවිධාන රැසක් ද පෞද්ගලික අංශයේ  නියෝජිතයන්ද විද්වතුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන නියෝජනය් කරමින් UNDP, UNICEF, UNODC, Save the Children යන ආයතන ද මෙම වැඩමුළුවට සහභාගීවිය.