நேரம்
8:30முப
இடம்
කොළඹ
තිරසර සංවර්ධනයෙහි ප්රමුඛ නිර්ණායකයන් වන මූලික පහසුකම් සැපයීම හා සමාජ සංවර්ධන පිළිබඳව පාර්ශවකරුවන්ගේ උපදේශනය ලබා ගැනීමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, පුද්ගලික අංශයේ නියෝජිතයන් සහ විද්වතුන්ගේද සහභාගීත්වයෙන් මාර්තු මස 03 වන දින පැවැත්විණි. දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සදහා පත්කර ඇති මෙහයුම් කමිටුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ද සහභාගීත්වය සහිතව තිරසර සංවර්ධන සභාව මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
මෙහිදී මූලික පහසුකම් සැපයීම හා සමාජ සංවර්ධනට අදාළව අයත් නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම්, පෝෂණය සහ අහාර සුරක්ෂිතතාවය, සැමට ගුණාත්මක අධ්‍යපනයක්, සමාජ ආරක්ෂණ රැකවරණයන්, උපයෝගීතා සහ මුලික යටිතල පහසුකම් යන අංශ යටතේ තුලනාත්මක සංවර්ධනයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව පාර්ශවකරුවන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යපනය අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය, කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂණ අධීකාරිය ඇතුළු මෙම ක්ෂේත්රයට අදාළ අමාත්‍යංශය, රාජ්‍යය අමාත්‍යංශය, දෙපාර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩල යනදීය නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් හා නිලධාරීන්ද, සිවිල් සංවිධාන සහ පෞද්ගලික අංශය නියෝජිතයන්ද විද්වතුන්ද මෙම වැඩමුළුවට සහභාගීවිය.