Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022

12 ஐன 2022

நேரம்

8:30முப

இடம்

ජානකී හෝටලය, කොළඹ

තිරසර සංවර්ධනය ළඟා කර ගැනීමේ  ප්‍රධාන අංගයක්  වන ආර්ථීක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සමාලෝචන කිරීමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව ජනවාරි මස 12 වන දින රාජ්‍ය නිලධාරීන්,  සිවිල් සංවිධාන සහ පුද්ගලික අංශය නියෝජිතයන්, විද්වතුන්ගේද සහ  දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සදහා පත්කර ඇති මෙහයුම් කමිටුවේ ද සහභාගිත්වයෙන් තිරසර සංවර්ධන සභාවේ මෙහයවීමෙන් පැවැත්විණි.
මෙහිදී ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන අංශ ත්‍රිත්වයක් යටතේ , එනම් කෘෂි කර්මාන්තය, කර්මාන්ත ක්ෂේත්‍රය සහ සේවාවන්ට අදාළව පවතින වර්තමාන තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව අදහස් සහ යෝජනා ලබා ගැනීම සිදු විය. මෙහිදී නිර්ණායකයන් ලෙස ඵලදායීතාව, විවිධාංගීකරණය, ව්‍යවසායකත්වය  / කුසලතා සංවර්ධනය, ජිවනොපයන්, රැකියා උත්පාදනය,කම්කරු වෙළදපොළ තත්වයන්, යටිතල පහසුකම් සංවර්ධනය, පර්යේෂණ , තාක්ෂණ හා  නවෝත්පාදන සහ මුල්‍යකරණය යන අංශ යොදා ගැනුණි. 
මෙම වැඩමුළුව සදහා ප්‍රධාන අංශයන් වන කර්මාන්ත, කෘෂි කර්මාන්ත, සංචාරක, අපනයන, ව්‍යවසාය සංවර්ධන හා මුල්‍ය සේවා වලට අදාළ රාජ්‍ය  ආයතන (අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, දෙපර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩල යනදී) නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, පුද්ගලික අංශය නියෝජිතයන්, චින්තකයන් සහ විද්වතුන්ගේද  සහභාගිත්වය ලැබිණි.