Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022

20 டிச 2021

நேரம்

9:00முப

இடம்

වක්වැල්ල පුහුණු මධ්‍යස්‌ථානය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට අදාළව ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය මැන බැලෙන ස්වේච්ඡා ජාතික ඇගයීමේ පළාත් මට්ටමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව දකුණු පළාත කේන්ද්‍ර කර ගෙන ඊයේ දින පැවැත්විණි.

සමාජ, ආර්ථික, පාරිසරික හා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවා සැපයීම යන ක්ෂේත්‍ර ඔස්සේ තුලනාත්මක සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා සැලසුම්කරණය, ප්‍රතිපත්ති සන්දර්භය, ආයතනික හා නීතිමය පසුබිම, දත්ත, මුල්‍යකරණය හා සහයෝගිතාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය.

දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව සමඟ තිරසර සංවර්ධන සභාව විසින් සංවිධානය කළ මෙම උපදේශන වැඩමුළුව සඳහා දකුණු පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද, කෘෂිකර්ම, ප්‍රජා ජල, මාර්ග සංවර්ධන,නිවාස, විදුලි බල, වාරිමාර්ග, ඉඩම්, ක්‍රීඩා, ධිවර, සත්ව නිෂ්පාදන,සමාජ සුබසාධන පරිවාස හා ළමා රක්‍ෂණ යන ක්ෂේත්‍ර වලට අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ද සිවිල් සංවිධාන නියෝජනය කරමින් හම්බන්තොට ග්‍රාමීය සංවිධාන සංවර්ධන පදනම, හෙල්ප්-ඕ, වර්ල්ඩ් විෂන්, සවිය සංවර්ධන පදනම, හබරාදුව සහභාගිත්ව පදනම, කාන්තා සංවර්ධන සංගමය ද දකුණු පළාත් වාණිජ මණ්ඩල නියෝජනය කරමින් එහි නිලධාරීන් ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය. වැඩමුළුව මෙහෙයවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට්‍රා ඉනොවේෂන් ලැබ් ආයතනය ද සහාය දක්වන ලදී.