Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන පස්වන දකුණු හා අග්නිදිග ආසියාතික සමුළුව

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන පස්වන දකුණු හා අග්නිදිග ආසියාතික සමුළුව

15 நவ 2021

நேரம்

9:00முப

இடம்

අරලියගහ මන්දිරය

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන පස්වන දකුණු හා අග්නිදිග ආසියාතික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී සාර්ථකව පැවැත්විණි. පසුගිය 15 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව නොවැම්බර් මස 17 වන දින අවසන් විය. මෙම අන්තර්ජාතික  සමුළුව සඳහා බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, ඉරානය හා තුර්කිය යන රටවල් දහය නියෝජනය කරමින් දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන  නියෝජිතයන්, විශේෂඥයන් හා සෙසු පාර්ශවකරුවන් සහභාගී විය.
මෙවර සමුළුවේ තේමාව වුයේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් නැවත යතා තත්ත්වයට පත් වන අතර දකුණු හා අග්නිදිග ආසියාතික රටවල තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබඳවයි. විශේෂයෙන්ම තිරසර සංවර්ධන අරමුණු අතර ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සාගර හා ජලජ සම්පත් වල තිරසර භාවිතය, මිහිමත ජිවය සුරක්‍ෂිත කිරීම හා අන්තර්ජාතික සහයෝගිතාවන් සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. තවද, කලාපීය ආර්ථික සහයෝගිතාවන් ඉහළ නැංවීම, තිරසරකරණය වූ ගමනාගමනය, බලශක්ති සහයෝගිතාවයන්, ආපදා කලමනාකරණය සම්බන්ධයෙන් ද ප්‍රතිපත්ති සංවාදයේ දී සාකච්ඡා කෙරිණි.

iMAGE 1

 

iMAGE 2


ආසියා පැසිපික් කලාපය සඳහා වන එකසත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP)  සහ ශ්‍රී ලංකා රජය සම සත්කාරකත්වය ලබා දුන් මෙම සමුළුව තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාවට නැංවීමේ කේන්ද්‍රීය ආයතනය ලෙස තිරසර සංවර්ධන සභාව විසින් සංවිධානය කරන ලදී.

iMAGE 3