நேரம்
3:00பிப
இடம்
ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන අභිමතාර්ථ අංක 16: සාමය, යුක්තිය හා ශක්තිමත් ආයතන පද්ධතියක් පිහිටුවීම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් පවති.
ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ දි ගරු අධිකරණ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යංශ සහ ආයතනවල සහභාගිත්වයෙන් ද තිරසර සංවර්ධන අභිමතාර්ථ අංක 16 සම්බන්ධයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර එහි ප්‍රථම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස තිරසර සංවර්ධන අභිමතාර්ථ 16 තුළින් රටක් ලෙස ශ්‍රී ලංකාව සාධනීය ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ක්ෂේත්‍ර 04 ක් ආවරණය වන පරිදි අනු කමිටු 04 ක් පත් කිරීමට තීරණය කරන ලදි.
තිරසර සංවර්ධන අභිමතාර්ථ 16 ට අදාල ඉලක්ක සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හිඩැස් හා අභියෝග හඳුනා ගැනීම, සුදුසු උපාය මාර්ග තුළින් එම හිඩැස් පියවා ගැනීම හා ප්රපගතිය නියාමනය කිරීමට අවශ්‍ය දත්ත සම්පාදනය කිරීම හා වාර්තා කිරීම කඩිනම් කිරීමද මෙම කමිටු හරහා තවදුරටත් බලාපොරොත්තු වේ. ඒ අනුව පිහිටුවන ලද අනු කමිටු වනුයේ,
1. මහජන ආරක්ෂාඅව සහ නීතිය බලාත්මක කිරීම පිළිබඳ අනු කමිටුව
2. මහජන සේවාවන් සැපයීමේ අනු කමිටුව
3. දූෂණ විරෝධී අනු කමිටුව
4. යුක්තිය සඳහා ප්‍රවේශය පිළිබඳ අනු කමිටුව
මෙම කමිටු 04 සදහා මූලික වටයේ සාකච්ඡාවන් අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් 2021 ඔක්තෝබර් 01 සහ 04 යන දෙදින තුලදී පැවැත්විණි. මෙම සාකච්ඡාවලට අධිකරණ අමාත්‍යංශයේ සහ තිරසර සංවර්ධන සභාවේ නිළධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, වංචා විමර්ශන කාර්යාංශය, මුල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා රේගුව, ජන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, නිතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික කාන්තා කමිටුව ,ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ධාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, අධිකරණ සේවා කොමිසම, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව,ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් කාර්යාලය, ප්‍රජා මූලික නිවැරදි කිරීම් දෙපාර්තමේන්තුව, ණය සහන මණ්ඩලය, නීති ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිෂන් සභාව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය සහභාගි විය.
වර්තමානයේ ඉහළ යන ළමා හිංසනය හා ළමා අපචාර සිදුවීම් වැළැක්වීම සඳහා පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, උසාවි පද්ධතිය හරහා සිදුවන නඩු විසදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම හා පුරවැසියන් හට නීති ආධාර හා නීති සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවන් ඉහළ නැංවීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සහ මෙහෙයුම් වැඩි කිරීම, අපරාධ බහුල ප්‍රදේශ සඳහා පොලිස් ස්ථාන වැඩි කිරීම මෙම කමිටු වලදී මූලික වශයෙන් සාකච්ඡා විය.
එමෙන්ම රාජ්‍ය ආයතන වල සිදුවන අල්ලස් දූෂණ හා වංචා පිටුදැකීම සදහා අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමර්ශණය කිරීම හා එහි අඩුපාඩු හදුනාගනිමින් ඊට අදාල විසදුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම, තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ප්රවේශයන් හරහා මහජන සේවාවන් ලබා දීමට අදාල වැඩපිළිවෙළ සකස් කිරීම ද මෙම කමිටු වලදී කරන ලදි.
ඉදිරියේ දී මෙම කමිටු සදහා අවශ්‍ය දායකත්වය ලබා දීමට මෙම ක්ෂේත්‍ර නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කටයුතු කරන සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.