Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සදහා පැවත්වූ දත්ත සම්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් තාක්ෂණික වැඩමුළුව

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සදහා පැවත්වූ දත්ත සම්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් තාක්ෂණික වැඩමුළුව

24 மார் 2021

நேரம்

10:00முப

இடம்

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය

සමෘද්ධිලාභීන් සහ ආබාධිත තැනැත්තන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම හා කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයින් ප්‍රවර්ධනය කිරිමෙන් දේශීය නිෂ්පාදනය පුළුල් කිරීම ඇතුළු වගකීම් රාශියක් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇති අතර  මෙම රාජ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් පළමුවන තිරසර අරමුණ වන දුගීබව තුරන් කිරීම,  අටවන තිරසර අරමුණ වන සුනිසි රැකියා හා ආර්ථික වර්ධනය සහ දහවන තිරසර අරමුණ වන අසමානතාවන් අවම කිරීම සඳහා සෘජු දායකත්වයක් සපයනු ලැබේ.

iMAGE 1

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ අඩංගු ප්‍රතිපත්තිමය මඟපෙන්වීම් අනුව යමින් තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීමට පවත්නා ප්‍රවේශයන් මෙන්ම එලෙස ළඟා කර ගනු ලබන ප්‍රගතිය මැනීම සඳහා දත්ත සම්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් තාක්ෂණික වැඩමුළුවක් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සඳහා තිරසර සංවර්ධන සභාවේ දායකත්වයෙන් 2021 මාර්තු මස 24 වන දින පැවැත්විණි.
මෙම වැඩමුළුව රාජ්‍ය අමාත්‍ය ගරු ෂෙහාන් සේමසිංහ මැතිතුමන්ගේ දායකත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර අනුබද්ධිත ආයතන වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහා ලේකම් කාර්යාලය, සමාජ ආරක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්  මෙම වැඩමුළුව සඳහා සහභාගී විය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) දායකත්වය ද සමඟ තාක්ෂණික සාකච්ඡාව මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් විසින්  සිදු කරන ලදී.

Participants