நேரம்
4:30பிப
இடம்
අරලියගහ මන්දිරය
තිරසර සංවර්ධනය පිලිබඳ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ 2021. පෙබරවාරි මස 17 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2021 ජනවාරි මස 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි, ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම වේගවත් කිරීම සඳහා නායකත්වය හා මඟ පෙන්වීම ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුතු අමාත්‍යවරුන්/රාජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් ඉහළ පෙළේ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී.
තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මාර්ග සිතියමක් සහ උපායමාර්ගයක් සැකසීම, අමාත්‍යංශවල ක්‍රියාකාරී සැලසුම් හා වැඩසටහන් තුළට තිරසර සංවර්ධන අරමුණු ප්රවාහගත කිරීම සඳහා පොදු මඟපෙන්වීමක් ලබා දීම, තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා දත්ත සැකසීම හා ගොනු කිරීමට රාජ්‍ය ආයතන වල සංඛ්‍යානමය ධාරිතාව ශක්තිමත් කිරීම සහ තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම වේගවත් කිරීම සඳහා අන්තර් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.
අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් කැඳවන ලද මෙම රැස්වීම සඳහා මෙහෙයුම් කමිටුවේ සාමාජික ගරු අමාත්‍යවරුන්, ලේකම්වරුන් හා තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් සහභාගී විය.