Skip to main content
The Sustainable Development Council joined hands with Sri Sangharaja Central College, Maradana to successfully celebrate World Environment Day 2026. - 2026.06.05

තිරසර සංවර්ධන අරමුණු සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධන අරමුණු…

තිරසර සංවර්ධන අරමුණු සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

25 Oct 2024

Time

9:00am

Location

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය

ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය  පළාත් මට්ටමින් උපාය මාර්ගික සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සඳහා තිරසර සංවර්ධන සභාව විසින් විවිධාකාරයෙන් මඟපෙන්වීම  සහ තාක්ෂණික සහය ලබා දීම සිදු කරනු ලබයි. 


ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය තිරසර සංවර්ධන සභාවේ සහයෝගය   ඇතිව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු  සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  අද දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. 


මධ්‍යම පළාත් සභාවේ වාර්ෂික පුහුණු වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වූ මෙම  වැඩසටහන සඳහා පළාත් සභා අමාත්‍යාංශ පහ නියෝජනය කරමින් එම නිලධාරීන් මෙන්ම දෙපාර්තමේන්තු,  සෙසු ආයතන,  මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල සේවයේ නියුතු නිලධාරීන් 150කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය. 


මධ්‍යම පළාතට අදාළව සකස් කරනු ලබන උපායමාර්ගික සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලිය තුළ පළාත් සභා විෂයයන් තිරසර සංවර්ධන අරමුණු සමඟ ප්‍රවාහගත කිරීම, පළාත් ප්‍රමුඛ ක්ෂේත්‍රයන්ට අදාළව තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරීම සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් හරහා තිරසර සංවර්ධන ඉලක්ක අධීක්‍ෂණය පිළිබඳව සාකච්ඡා කළ මෙම වැඩමුළුව මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලදි.