Skip to main content

තිරසර සංවර්ධනය සඳහා යොමු කෙරෙන රාජ්‍ය මුල්‍ය සිතියම්ගත කිරීමේ වාර්තාව ඉදිරිපත් කිරීම

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධනය සඳහා යොමු…

තිරසර සංවර්ධනය සඳහා යොමු කෙරෙන රාජ්‍ය මුල්‍ය සිතියම්ගත කිරීමේ වාර්තාව ඉදිරිපත් කිරීම

21 Mar 2024

Time

3:00pm

Location

මුදල් අමාත්‍යංශය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම වේගවත් කිරීමට ඒ සඳහා වන මුල්‍යකරණ ක්‍රමවේද ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනා ගෙන ඇත.එහිදී,  ජාතික අයවැය රාමුව තුළින් ගනු ලබන  ප්‍රයත්නයන් ඉතා වැදගත් වේ. මේ පිළිබඳව අවධානය යොමු කරමින් තිරසර සංවර්ධන සභාව ජාතික අයවැය දෙපාර්තමේන්තුව සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) තාක්‍ෂණික දායකත්වය ඇතිව ප්‍රමිතිගත වර්ගීකරණ වගුවක් සකස් කරන ලදි. එය යොදා ගනිමින් 2024 අනුමත අයවැය පාදක කරගනිමින් SDG Budget Tagging & Coding ක්‍රමවේදය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලදී. රටෙහි සංවර්ධනය සඳහා වෙන් කෙරෙන මුල්‍යමය සම්පත් කුමන තිරසර සංවර්ධන අරමුණු සඳහා යෙදවෙන්නේ ද යන්න විමසා බැලීමක් මෙම ක්‍රමවේදය හරහා සිදු කරන ලදී.

තිරසර සංවර්ධන සභාව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සමඟ එක්ව සකස් කරන ලද මෙම දත්ත වාර්තාව මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු සෙසු ආයතන ප්‍රධානින් වෙත ඉදිරිපත් කිරීම අද දින මුදල් අමාත්‍යංශයේදී සිදු කෙරිණි. මේ සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්‍ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ මුදල් කොමිෂන් සභාව නියෝජනය කරමින් එම ආයතන ප්‍රධානින් සහ මෙහෙයුම් කමිටු නිලධාරින්ද සහභාගී විය.

මුදල් අමාත්‍යාංශය

මුදල් අමාත්‍යාංශය

මුදල් අමාත්‍යාංශය

එක් එක් තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක වෙනුවෙන් වෙන් වෙන මුල්‍ය සම්පත් ප්‍රමාණයන්, තිරසර සංවර්ධන ප්‍රගති පුවරුව හා සසදමින් එහි පසු බෑමට ලක් වී ඇති ක්ෂේත්‍ර වෙනුවෙන් මුල්‍ය වෙන් කිරීම් වල අවධානය යොමු විය යුතු කරුණු  හා වැඩි බලපෑමක් ඇති කළ  ත්වරණකාරක (Accelerator Pathways) පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චමින්දි සපරමාදු මහත්මිය සහ එහි නිලධාරීන් ද ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහතා විසින් ද සිදු කරන ලදී.

ඉදිරිපත් කරන ලද දත්ත පාදක කරගනිමින් එළැබෙන වර්ෂ වල රාජ්‍ය මුල්‍යකරණ කුමන තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක වෙත නැඹුරු කළ යුතුද යන්න වඩාත් පහසුවෙන් හඳුනා ගැනීමට මෙම දත්ත ඉවහල් වන  බැවින් මේ හරහා රටෙහි තිරසර සංවර්ධන සඳහා මුල්‍යකරණ වඩා ඵලදායී හා කාර්යක්‍ෂම වනු ඇත.