Skip to main content

2030 වර්ෂයේදි ලගාකරගැනිමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සදහා භාවිතාකල දත්ත වලංගු කිරිම - තෙවන වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. 2030 වර්ෂයේදි…

2030 වර්ෂයේදි ලගාකරගැනිමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සදහා භාවිතාකල දත්ත වලංගු කිරිම - තෙවන වැඩමුළුව

16 Feb 2024

Time

9:30am

Location

තිරසර සංවර්ධන සභාව

තිරසර සංවර්ධන සභාව, ආසියා පැසිපික් කලාපය සදහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ   කොමිෂමේ (ESCAP) තාක්ෂණික සහය ද ලබාගෙන අමාත්‍යාංශ විසින් ඉදිරිපත්කල දත්ත සහ 2030 වර්ෂයේදි ලඟාකර ගැනිමට අපේක්ෂිත ඉලක්ක පදනම් කරගනිමින් ජාතික තිරසර සංවර්ධන ප්‍රගති පුවරුව (National SDG Progress Dash Board) සකස් කිරිමට 2023 වර්ෂයේදී කටයුතු කරන ලදී.

ඒ අනුව, අද දින අමාත්‍යාංශ දෙකකින් ඉදිරිපත්කර තිබු දත්ත වලංගු  කිරිම සදහා  වැඩමුළුවක් තිරසර සංවර්ධන සභාවේ සම්බන්ධීකරණය සහ තාක්ෂණික සහයෝගය මත තිරසර සංවර්ධව සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

මෙහිදී, විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය විසින්   තිරසර සංවර්ධන අරමුණු 07 එනම් සියල්ලන් සදහා දැරිය හැකි, විශ්වාසනීය, තිරසර සහ නවීන බලශක්ති සැපයුම සහතික කිරිම යට‍තේ  ඉදිරිපත් කර තිබු  තිරසර සංවර්ධන දර්ශක 7.1.1, 7.2.1 සහ 7.b.1 අයත් දත්ත වලංගු කිරීම පලමු සැසිවාරයේදි සිදුකරන ලදි.

අවසන් සැසිවාරයේදි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශය  විසින් තිරසර සංවර්ධන අරමුණු 16 එනම් තිරසර සංවර්ධනය සදහා සාමකාමි සහ පරිපුර්ණ සමාජයන් ඇතිකිරිම, යුක්තිය සදහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායි, වගකිම් සහිත පරිපුර්ණ ආයතන ගොඩනැගීම  සම්බන්ධව  ඉදිරිපත් කර තිබු   තිරසර සංවර්ධන දර්ශක 16.3.3 සහ 16.b.1 අයත් දත්ත වලංගු කිරීමේ කාර්යය අද දින සිදුකරණු ලැබුවේය.

මෙම අවස්ථාව සදහා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිළධාරි මහත්ම මහත්මීන්  සහභාගී විය.