Skip to main content

ශ්‍රී ලාංකේය මුල්‍ය ආයතන 37 ක් එක්ව පිහිටුවා ඇති Finance Houses Association of Sri Lanka සංවිධානය මුළු දිවයිනම ආවරණය වන පරිදි පැළ මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත

  1. Home
  2. News & Events
  3. ශ්‍රී ලාංකේය මුල්‍ය ආයතන…

ශ්‍රී ලාංකේය මුල්‍ය ආයතන 37 ක් එක්ව පිහිටුවා ඇති Finance Houses Association of Sri Lanka සංවිධානය මුළු දිවයිනම ආවරණය වන පරිදි පැළ මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත

05 Jun 2023

Time

9:00am

Location

නිදහස් චතුරශ්‍රය පරිශ්‍රය

ශ්‍රී ලාංකේය මුල්‍ය ආයතන 37 ක් එක්ව පිහිටුවා ඇති Finance Houses Association of Sri Lanka සංවිධානය මුළු දිවයිනම ආවරණය වන පරිදි පැළ මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත. දිනෙන් දින ඉහල යන ගෝලීය උණුසුමට හා වායු දුෂණයට එරෙහිව තිරසර විසඳුමක් සෙවීම මෙම සද් කාර්යයයේ අරමුණ වන අතර, පරිසරයට ඔක්ෂිජන් මුදා හැරීමේ ප්‍රතිශතය ඉහල නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වේ.

නිදහස් චතුරශ්‍රය පරිශ්‍රය

එහි ප්‍රථම අදියර ලෙස ජුනි මස 05 වන දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමිව පැළ ලක්‍ෂ 03ක් සිටුවීම පසුගිය දින නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ සිදු කළ අතර මෙම වැඩටහන සඳහා මහ බැංකු අධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය ද සහභාගී විය.

නිදහස් චතුරශ්‍රය පරිශ්‍රය

වාණිජමය හා පෞද්ගලික වාහන සඳහා තම මුල්‍ය ආයතන වලින් කල්බදු පහසුකම් සැපයීම හරහා රටේ ආර්ථික දියුණුවට පිටුවහලක් සපයන අතර එම රථවාහන භාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස පරිසරයට කාබන් වායුව එක් වීම හේතුවෙන් සිදු වන වායු දුෂණය අවම කිරීමට දායක වීමද ඔවුන්ගේ වගකීමක් සහ යුතුකමක් ලෙස හඳුනා ගෙන ඇත. තවද, ඉදිරියේදී ඉන්ධන භාවිතයෙන් ධාවනය වන වාහන වලට වඩා විදුලි ආරෝපණ වාහන සඳහා සපයන කල්බදු පහසුකම් සැපයීම මඟින් පාරිභෝගිකයන් වැඩි වශෙයන් ඒ සඳහා පෙළඹ වීමද තවත් එක් ඉදිරි පියවරක් ලෙස හඳුනා ගෙන ඇත.

වායු දුෂණය ගෝලීය ගැටළුවක්ව පවතින මෙවන් යුගයක ඊට සමගාමීව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රතිපත්ති මාලාවක් (Sustainable Finance Policies) කෙටුම්පත් කරමින් පවතින අතර, ඒ සඳහා යහපත් ප්‍රවනතාවක් ලෙස ශ්‍රී ලංකා මූල්‍ය ආයතන එකතුවද පරිසර මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් පවතී. එය, ජාත්‍යන්තර මුල්‍ය සේවා මඟින් වැඩි වශයෙන් මූල්‍යමය ආධාර ලබා ගැනීම සඳහා දායක වනු ඇත.