Skip to main content

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම වේගවත් කිරීම වෙනුවෙන් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම

  1. Home
  2. News & Events
  3. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ…

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම වේගවත් කිරීම වෙනුවෙන් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම

09 Sep 2022

Time

9:30am

Location

අධ්‍යාපන අමාත්‍යංශය

සැමට සමාන අවස්ථාවන් හිමි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම තහවුරු කිරීම තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා ප්‍රබල ලෙස බලපානු ලබයි. තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය මනිනු ලබන දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සිදු කිරීමෙන් සහ දත්ත වේදිකාව සකස් කිරීමෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක  භාවය ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන ඇත. එම ක්ෂේත්‍ර වලට අදාළ ඉලක්ක සකස් කර එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස් කිරීම අදාළ සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

අධ්‍යාපන අමාත්‍යංශය

අධ්‍යාපන අමාත්‍යංශ විෂය පථය යටතට ගැනෙන තිරසර සංවර්ධන අරමුණු අංක 04 යටතේ පවතින ඉලක්ක දහයක් මඟින් ආවරණය වන සියලු ළමුන්ට නිදහස්, සමාන සහ ගුණාත්මකභාවයෙන් ඉහළ, ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනයක් සම්පුර්ණ කර සිටින බව තහවුරු කිරීම, ගුණාත්මක පුර්ව ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවස්ථාව පැවතීම, තාක්‍ෂණික, වෘත්තීය සහ තෘතික අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවීම, සුනිසි රැකියා සහ ව්‍යවසායකත්වයන් සඳහා තාක්‍ෂණික හා වෘත්තීය සුදුසුකම් ඇතුළුව අදාළ කුසලතා ලබා සිටින තරුණ හා වැඩිහිටි සංඛ්‍යාව ඉහළ නැංවීම, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යාපනය, ළමුන්, ආබාධිත පුද්ගලයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී වූ සියලු දෙනා අන්තර්ගතකරණය වූ සහ ඵලදායී ඉගෙනුම් වාතාවරණයක් ඇති කිරීම, ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම හා අධ්‍යාපන අවශ්‍යතා සඳහා වෙන් කරනු ලබන මුල්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීම යන ප්‍රධාන ඉලක්ක ළඟා කර ගැනීමට අදාළව පුර්ව කොන්දේසි ඇතුළත් වලංගුකරණ රාමුවක් සකස් කර ගැනීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
 

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල සහ අමාත්‍යාංශය යටතේ පවතින විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදාන කොමිෂන් සභාව, තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසම හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. තිරසර සංවර්ධන සභාවේ  අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රි සපරමාදු, සහකාර අධ්‍යක්‍ෂ නදීකා අමරසිංහ විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.

අධ්‍යාපන අමාත්‍යංශය