Skip to main content

තිරසර සංවර්ධන අරමුණු පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම් වාර්තාව වලංගුකරණය කිරීමේ වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධන අරමුණු…

තිරසර සංවර්ධන අරමුණු පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම් වාර්තාව වලංගුකරණය කිරීමේ වැඩමුළුව

29 Apr 2022

Time

8:00am

Location

කොළඹ


තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට අදාළව ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය විමසා බලනු ලබන දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම් වාර්තාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සක් ජාතීන්ගේ මහ සමුළුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. එයට අදාළව ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි එක් එක් ක්ෂේත්‍ර යටතේ ජාතික හා පළාත් මට්ටමින් සහභාගී වූ 800කට අධික බහු පාර්ශවකරුවන්ගෙන් ලබා ගත් දත්ත හා තොරතුරු මත පදනම්ව සකස් කරනු ලබන වාර්තාවේ දළ සංක්ෂිප්තය වලංගුකරණය කිරීමේ වැඩමුළුව හයිබ්‍රිඩ් ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් මස 27 සහ 29 යන දෙදින තුළ පවත්වන ලදී.
මෙම වැඩමුළුව අංශ හතරක් යටතේ පවත්වන ලද අතර ආර්ථික, සමාජීය සංවර්ධනය හා මුලික පහසුකම්, පාරිසරික, නීතිය සාමය හා ශක්තිමත් ආයතන යන එක් එක් ක්ෂේත්‍රය සඳහා 150 කට අධික බහු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයක් පැවති අතර අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ සංවිධාන, බහුපාර්ශවීය හා ද්විපාර්ශවිය ආධාර සපයනු ලබන සංවර්ධන පාර්ශවකරුවන්  හා ඒ ඒ කේෂ්ත්‍ර වල විද්‍යාර්ථයින් ක්‍රියාකාරීව මේ සඳහා සහභාගී වීම විශේෂත්වයකි.
ස්වේච්ඡා ජාතික ඇගයීම් මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වය ද සහිතව තිරසර සංවර්ධන සභාව මෙහෙයවන ලද මෙම වලංගුකරණය කිරීමේ වැඩමුළුව පවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ කාර්යාලය  මඟින් සිදු කරන ලදී.