Skip to main content

ජගත් මිහිකත දින සැමරුම

  1. Home
  2. News & Events
  3. ජගත් මිහිකත දින සැමරුම

ජගත් මිහිකත දින සැමරුම

22 Apr 2022

Time

10:00am

Location

කුරුණෑගල ගනේවත්ත ශ්‍රී ස්වර්ණගිරි පුරාණ විහාරය

“අපගේ පෘථිවිය වෙනුවෙන් ආයෝජනය කරන්න” යන තේමාව යටතේ මෙවර 52 වන වරට ලෝක මිහිකත දිනය අප්‍රේල් මස 22 වන දින  සමරනු ලබයි. මෙය වෙනසක් සිදු කිරීමට සුදුසුම කාලයක් ලෙස අවධාරණය කරමින් පෘතුවියට ප්‍රයෝජනවත් විය හැකි තාක්ෂණ සහ භාවිතයන් සඳහා ආයෝජනය කිරීමට පුද්ගලයන්, ව්‍යාපාර සහ රජයන් දිරිමත් කිරීම මෙවර තේමාවේ අරමුණයි. 
1970 වර්ෂයේ සිට ආරම්භවන මිහිකත දින සැමරුම පාරිසරික හේතුන් පිළිබඳ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග දිරිමත් කිරීම අරමුණු කරගත් ගෝලීය ප්‍රවේශයකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි වාර්තා අනුව, ලෝකයේ පෘථිවි තලයෙන් සියයට 30ක් වනාන්තරවලින් ආවරණය වී පවතින අතර එය මිලියන ගණනාවක් ජීවීන්ගේ වාසස්ථානයයි. නමුත් සෑම වසරකම මිහිතලයට හෙක්ටයාර මිලියන 13 ක වනාන්තර ප්‍රමාණයක් අහිමි වන අතර වියළි බිම් අඛණ්ඩව හායනය වීම නිසා හෙක්ටයාර බිලියන 3.6ක් පමණ කාන්තාරකරණයට තුඩු දීම තමන්ට සෙවන සපයන ජෛව විවිධත්වය මිනිසා විසින්ම දුෂණය කිරීමකි. එබැවින්, මිහිතලය සුරක්ෂිත කරමින් එහි සම්පත් තිරසර පරිභෝජනයක් තුලින් මතු පරපුරට දායාදකිරීමේ වැදගත්කම තිරසර සංවර්ධන අරමුණු  මඟින්ද  පෙන්වා දී ඇත. 
ගෝලීය වශයෙන් වැදගත් වන මෙම දිනය සැමරීම අරමුණු කර ගනිමින් තිරසර හරිත පුදබිම් සංකල්පයට ද සමගාමිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්වැව ගනේවත්ත ශ්‍රී ස්වර්ණගිරි පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් කුඹුක්වැව සහ කුඹුක්ගැටේ මහා විද්‍යාල දෙකෙහි පාසැල් සිසුන්, පරිසර නියමුවන්, එම විද්‍යාල වල ගුරුභවතුන්, කුරුණෑගල දිස්ත්‍රක් ලේකම් කාර්යාලය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සහ තිරසර සංවර්ධන සභාවේ මෙහෙයවීමෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. සංචාරක ආකර්ෂණයෙන් ඉහළ කුඹුක්වැව ප්‍රදේශයට පිවිසෙන මඩගල්ල මාර්ගය දෙපස සහ ශ්‍රී ස්වර්ණගිරි පුරාණ විහාරය ආශ්‍රිතව පවතින කුඩා වැවෙහි ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන දියත් කෙරිණි.