Skip to main content

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම-2022-පාරිසරික ක්‍ෂේත්‍රය

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධන අරමුණු…

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම-2022-පාරිසරික ක්‍ෂේත්‍රය

15 Feb 2022

Time

8:30am

Location

කොළඹ

තිරසර සංවර්ධන අරමුණු පිළිබද ශ්‍රී ලංකාවේ දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022
තිරසර සංවර්ධනයේ ප්‍රධාන කුළුණක් වන පරිසර ක්‍ෂේත්‍රයට අයත් පාර්ශවකරුවන්ගේ උපදේශනය ලබා ගැනීමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව  රාජ්‍ය නිලධාරීන්,  සිවිල් සංවිධාන නියෝජිතයන්, පුද්ගලික අංශයේ  නියෝජිතයන්  සහ විද්වතුන්ගේද සහභාගීත්වයෙන් පෙබරවාරී මස 15 වන දින පැවැත්විණි.  දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සදහා පත්කර ඇති මෙහයුම් කමිටුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සහ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහභාගීත්වය සහිතව තිරසර සංවර්ධන සභාව මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
මෙහිදී පරිසර ක්‍ෂ්ත්‍රයට අදාළව ජෛව විවිධත්ව සංරක්ෂණ, නිල හරිත ආර්ථිකයක්‌ කරා පරිවර්තනය විම, කාලගුණ විපර්යාස අවම කිරීම, ආපදා කළමනාකරණය සහ ආපදා අවධානම් සඳහා පෙර සූදානම යනාදිය ඇතුළත්ව තුලනාත්මක පරිසරයක් තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති සන්දර්භය, සැලසුම්කරණය, ආයතනික හා නීතිමය පසුබිම, දත්ත, මුල්‍යකරණය හා සහයෝගිතාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව පාර්ශවකරුවන්ගේ  අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය. 
මෙම අවස්ථාව සදහා පරිසර  අමාත්‍යංශය, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය, ධීවර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධීකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු මෙම ක්ෂේත්‍රට අදාළ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, දෙපර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩල යනදී නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් හා  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, සිවිල් සංවිධාන සහ පුද්ගලික අංශය නියෝජිතයන්ද පරිසර ක්ෂේත්‍රය පිළිබද විද්වතුන් විශාල පිරිසකගේ ද  සහභාගීත්වය ද මේ සඳහා ලැබිණි.