Skip to main content

ජාතික අයවැය සකස් කීරීමේ ක්‍රියාවලියට තිරසර සංවර්ධන අරමුණු ඒකාබද්ධ කිරිම

  1. Home
  2. News & Events
  3. ජාතික අයවැය සකස් කීරීමේ…

ජාතික අයවැය සකස් කීරීමේ ක්‍රියාවලියට තිරසර සංවර්ධන අරමුණු ඒකාබද්ධ කිරිම

30 Aug 2021

Time

10:00am

Location

Virtual Event

ජාතික අයවැය සකස් කීරීමේ ක්‍රියාවලිය ඉතා සංකිර්ණ ක්‍රියාදාමයකි. එය රාජ්‍ය   ආදායම් හා වියදම් පිළිබඳ පුරෝකථනය සිදු කිරීමට භාවිත කෙරෙන මෙවලමක් ලෙස සැලකේ. ජාතික අයවැය තුළ ප්‍රධාන වශයෙන් රාජ්‍යයේ මූලික කාර්යයන් වන සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, පොදු යටිතල පහසුකම් හා පරිපාලනයට යනාදීය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. එම වෙන් කිරිම් සමස්ථයක් ලෙස තිරසර සංවර්ධන අරමුණු වල ඉලක්කයන් ළඟා කර ගැනීම සඳහා දායක වේ.
එක් එක් ක්ෂේත්‍රය  වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රතිපාදන යෙදවීම් හරහා තිරසර සංවර්ධන අරමුණු වල අනු කොටස් (Sub Sectors) සඳහා ලබා දෙන සෘජු දායකත්වය මෙන්ම භූ ගෝලීය ප්‍රදේශ වශයෙන් වන මුල්‍ය බෙදියාම් දිශානුගත කිරිම සඳහා  SDG Budget Tagging නම් ක්‍රමවේදය භාවිත කළ හැකිවේ. එමඟින්, ජාතික අයවැය තුළ යෝජිත ක්‍රියාකාරී සැලසුම් හරහා තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය ඇගයිම සඳහා ද සමස්ථ ප්‍රවේශයක් ලබා දේ.
මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් තිරසර සංවර්ධන සභාව හා ජාතික අයවැය දෙපාර්තමේන්තුව එක්ව පුළුල් සාකච්ඡාවක් පසුගිය දින පවත්වන ලදී. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂජනරාල්තුමන්  සහ අතිරේක අධ්‍යක්‍ෂජනරාල් වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සියලු දෙනා සහ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂජනරාල්තුමිය  සහ අදාළ නිලධාරීන් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී ජාතික අයවැය සකස් කීරීමේ ක්‍රියාවලිය තුළ SDG Budget Tagging ක්‍රමවේදය සඳහා මුල පිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මෙම SDG Budget Tagging ක්‍රමවේදය හරහා ජාතික අයවැය වෙන් කිරිම් හා උපාය මාර්ගික සැලසුම් රාමු අතර ගැලපීම තවදුරටත් සිදුවේ. එබැවින් තිරසර සංවර්ධන අරමුණු සමඟ ප්‍රවාහගත වූ ජාතික සංවර්ධන අවශ්‍යතා ප්‍රමුඛතා ගත කිරිම හරහා ජාතික මුල්‍යකරණය වඩා ශක්තිමත් වන අතර මෙමඟින් රාජ්‍ය  වියදම් වල ඵලදායිතාව, කාර්යක්ෂතමතාව හා සාධාරණ බෙදී යාම් ඉහළ නංවමින් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාාත් කර ගැනීම සඳහා ද දායක වේ.