Time
9:00am
Location
Waters Edge
මිහිමත පවතින ජල සම්පතින් 93% ක්ම ලවණ ජලය වන අතර භාවිතයට ගත හැකි ජලය ප්‍රතිශතය 3% ක් පමණි.මෙපමණ සීමිත මට්ටමක පවතින ජල සම්පත තිරසර ලෙස භාවිතයේ වැදගත්කම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වඩාත් තහවුරු වී ඇත. මිනිසුන්ගේ මෙන්ම පරිසරයේද සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සඳහා පිරිසිදු ජලයෙහි පැවැත්ම අත්‍යවශ්‍ය වේ.
තිරසර සංවර්ධන අරමුණු අංක 06 මඟින් සාකච්ඡා කෙරෙන සැමට පානිය ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරිම, ජලයේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ආරක්ෂා කිරීම, එකාබද්ධ ජල කළමනාකරණය හා ජලය ආශ්රිත පරිසර පද්ධති සංරක්ෂණය මෙන්ම ජල සුරක්ෂිතතාව සඳහා අන්තර්ජාතික සහයෝගීතාව සහ ප්‍රාදේශීය සහභාගිත්වය තුළ ඇති වැදගත්කමට අදාළව ශ්‍රී ලංකාවේ දත්ත පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන වල දත්ත ධාරිතාවයන් වර්ධනය කීරීමේ වැඩසටහනක් අද දින සාර්ථකව පවැත්වීණි. මෙහි විශේෂත්වය වන්නේ ජලය හා සනීපාරක්ෂාව සඳහා කටයුතු කරනු ලබන ආයතන විශාල ප්‍රමාණයක් එක්ව තිරසර සංවර්ධන අරමුණු අංක 06 ට අදාළ දත්ත සම්පාදන ක්‍රමවේද පිළිබඳව ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමයි.
තිරසර සංවර්ධන සභාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු හා ආයෝජන මණ්ඩලය යන ආයතනය සහභාගී විය.
මෙම වැඩමුළුව සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ Integrated Water Management Institute ( IWMI)තාක්ෂණික දායකත්වය ලබා දෙන ලදී.