Skip to main content

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනු කමිටුව දෙවන වරට රැස්වේ.

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධන අරමුණු ළඟා…

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනු කමිටුව දෙවන වරට රැස්වේ.

19 May 2023

Time

9:30am

Location

අග්‍රාමාත්‍ය කාර්යාලය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා අමාත්‍යංශ හා ආයතන මට්ටමින් සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනු කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දෙවන වරට අද දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්විය.

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට අදාළව අමාත්‍යාංශ මට්ටමින් හඳුනාගත් දර්ශක 157ක් සඳහා ඉලක්ක සකස් කර අවසන් කර , එය ඵලදායිව හා කාර්යක්‍ෂමව ඉදිරියට ගෙන යාමට උපකාරී වන දත්ත පුවරුවක් (SDG Dashboard) සකස් කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. තවද, අමාත්‍යංශ හා ආයතන මට්ටමින් සිදු කරනු ලබන තිරසර සංවර්ධන අරමුණු වලට අදාළ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් නියෝජිතයන් පත් කර ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සිදු කරගෙන යනු ලබන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.

අග්‍රාමාත්‍ය කාර්යාලය

මේ වන විට වඩාත් අවධානය යොමු වී ඇති සෞඛ්‍ය අංශයේ එක් එක් ක්ෂේත්‍රයන් සහ දරිද්‍රතා දර්ශක හා සම්බන්ධ ප්‍රගතිය මෙන්ම ඊට අදාළ දත්ත පිළිබඳ ව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි. තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට කර්මාන්ත අංශයේ ගුණාත්මක දායකත්වය ඉහළ නැංවීම සඳහා වැදගත් වන බලශක්ති භාවිතය හා සම්බන්ධ විගණනයන් සිදු කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම්තුමන් මඟ පෙන්වන ලදී. මෙම සියලු ක්ෂේත්‍ර වලට අදාළව පවතින දත්ත වල හිඟතාවය මඟ හැර ගැනීම සඳහා ගත හැකි ඒකාබද්ධ ආයතිනක ප්‍රවේශයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය

 

මෙම රැස්වීම සඳහා මෙහෙයුම් කමිටු සාමාජිකත්වය දරණ අමාත්‍යංශ ලේකම්වරුන්/ අතිරේක ලේකම්වරුන්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඇතුළු සෙසු නිලධාරීන් සහ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සහභාගී විය.