Skip to main content

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළගා කරගැනීම පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022 -නැගෙනහිර පළාත් වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. ශ්‍රී ලංකාව තිරසර…

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළගා කරගැනීම පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022 -නැගෙනහිර පළාත් වැඩමුළුව

30 Mar 2022

Time

8:30am

Location

ත්‍රිකුණාමලය

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළගා කරගැනීම පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022 
නැගෙනහිර පළාත් වැඩමුළුව
තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය මැන බැලීම සදහා වන ස්වේච්ඡා ජාතික ඇගයීමේ පළාත් මට්ටමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.
ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ මුලික සේවා සැපයීම, පාරිසරික සංරක්‍ෂණය, හා නීතිය සහ සාමය යන ක්ෂේත්‍ර ඔස්සේ තුලනාත්මක සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා සැලසුම්කරණය, ප්‍රතිපත්ති සන්දර්භය, ආයතනික හා නීතිමය පසුබිම, දත්ත, මුල්‍යකරණය හා සහයෝගිතාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආරාධනාව සහ සංවිධානය මත මෙම උපදේශන වැඩමුළුව සඳහා   නැගෙනහිර පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද, කෘෂිකර්ම, ප්‍රජා ජල, මාර්ග සංවර්ධන,නිවාස, විදුලි බල, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන,සමාජ සුබසාධන පරිවාස හා ළමා රක්‍ෂණ ඇතුළු සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන් ද සිවිල් සංවිධාන නියෝජනය කරමින්  සහ නැගෙනහිර පළාත් වාණිජ මණ්ඩල  නියෝජනය කරමින් එහි නිලධාරීන්ද, නැගෙනහිර සහ අග්නිදිග විශ්ව විද්‍යල නියෝජනය කරමින් විද්වතුන්ද සහාභාගී විය.  තිරසර සංවර්ධන සභාව විසින් මෙම වැඩමුළුව මෙහයවන ලද අතර  UNDP Sri Lanka Capacity Development for Local Government Programme ව්‍යාපෘතිය මගින් මේ සදහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මැතිතුමා ද, ආණ්ඩුකාර ලේකම් තුමාද මෙම අවස්ථාවට සහභාගී විය.