Skip to main content
switcher භාෂාව තෝරන්න

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට නව දිශානතියක්

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍…

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට නව දිශානතියක්

10 පෙබ 2021

වෙලාව

9:30am

ස්ථානය

වැවිලි අමාත්‍යංශය

ජාතික සමෘද්ධිය ළඟා කර ගැනීම උදෙසා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයයේ ගුණාත්මක සංවර්ධනය ඉතා වැදගත් වේ. දේශීය සන්නාමයන් ලෝක වෙළඳපොළ තුළ ව්‍යාප්ත කිරීම හරහා විදේශ විනිමය ඉපැයීමට ඉහළ දායකත්වයක් ලබා දෙන වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය දේශීය වශයෙන් ආර්ථික, සමාජයීය හා පාරිසරික අංශ කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.

Image 2

භෝග විවිධාංගීකරණය හා අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හරහා ඵලදායි සහ ලාභදායී ආර්ථික අවස්ථාවන් ඇති කිරීම, මහා පරිමාණ වතු හිමියන් ලබන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාව අතරට ද ව්‍යාප්ත කිරිම තුළින් ඔවුනගේ ජිවන තත්ත්වය ඉහළ දැමීමට දායක වීම මෙන්ම ප්‍රශස්ත භුමි උපයෝජනයට පියවර ගැනීම හා භුමි හායනය වැළක්වීම කෙරෙහි අවධානය යොමු කිරීම වැවිලි ක්ෂේත්‍රයේ තිරසරකරණය සඳහා අවධානය යොමු කළ යුතු පැතිකඩයන් කිහිපයකි.

Image removed.

නව තාක්‍ෂණය මුසු වූ අපනයන කේන්ද්‍රීය වැවිලි කර්මාන්තයක් ඇති කිරීම සඳහා වන “සෞභාග්‍යය දැක්ම” ජාතික ප්‍රතිපත්තිය තුළ පවතින ප්‍රවේශයන් හා ඊට අනුගත වීම හරහා තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟා කර ගැනීම ද ඒ සම්බන්ධ ප්‍රගතිය මැන බැලෙන දත්ත සම්පාදනය ධාරිතාවන් ඉහළ දැමීමට ද අදාළව වැවිලි අමාත්‍යංශය සඳහා සංවිධානය කළ වැඩමුළුවක් 2021 පෙබරවාරි මස 10 වන දින එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Image 4

ඒ සඳහා වැවිලි අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත්, අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු මෙන්ම එම අමාත්‍යංශ යටතේ පවතින සියලු ආයතන  නියෝජනය කරමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය යන ආයතන වල  ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් වැඩමුළුව සඳහා සහභාගී විය.

Image 6

තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නදීකා අමරසිංහ (සහකාර අධ්‍යක්‍ෂ) සහ ෂෙරෝන් හේවාවඩුගේ (සහකාර අධ්‍යක්‍ෂ) යන නිලධාරීන්ගේ  දායකත්වයෙන් වැඩසටහන මෙහෙයවන ලදී. තවද, සම්පත් දායකත්වය ලබා දීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර කුමාර මහතා සහ එහි නිලධාරීන් ද , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO) වල  නිලධාරීන් ද සහභාගී විය.