Skip to main content

ධීවර අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශය සඳහා පැවැත්වූ දත්ත සමපාදන ධාරිතාව ඉහළ නැංවීමේ හා තාක්ෂණික වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. ධීවර අමාත්‍යංශය හා රාජ්‍…

ධීවර අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශය සඳහා පැවැත්වූ දත්ත සමපාදන ධාරිතාව ඉහළ නැංවීමේ හා තාක්ෂණික වැඩමුළුව

24 Feb 2021

Time

10:00am

Location

ධීවර අමාත්‍යංශය

දේශීය වශයෙන් මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලමින්, දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකරලමින් ධීවර ප්‍රජාවගේ සමාජ හා ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් දක්වන ධීවර කර්මාන්තයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම ධීවර අමාත්‍යංශයේ ප්‍රධාන වගකීම් ක්ෂේත්‍රය වේ. ධීවර අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් තිරසර අරමුණු අංක 12 වන වගකීම් සහිත පරිභෝජනය හා නිෂ්පාදනය සහ අරමුණු අංක 14 වන ධීවර හා ජලජ සම්පත් තිරසර ලෙස භාවිතය හා සංරක්ෂණය සඳහා වන අරමුණු වලට සෘජුවම දායක වේ.

image 2

“ස්වයංපෝෂිත ධීවර ආර්ථිකයක්” ඇති කිරීමේ සෞභාග්‍යය දැක්ම ජාතික ප්‍රතිපත්තියෙහි මඟ පෙන්වීම අනුව යමින් තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීමට පවත්නා ප්‍රවේශයන් මෙන්ම එලෙස ළඟා කර ගනු ලබන ප්‍රගතිය මැනීම සඳහා දත්ත සමපාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් තාක්ෂණික වැඩමුළුවක් 2021 පෙබරවාරි මස 24 වන දින ධීවර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

image 3

මෙම වැඩමුළුව සඳහා ධීවර අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශය සහ එම අමාත්‍යංශ යටතේ පවතින සියලු ආයතන නියෝජනය කරමින් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු සෙසු සියලු ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO) වල දායකත්වය ද සමඟ තාක්ෂණික සාකච්ඡාව මෙහෙයවීම තිරසර සංවර්ධන සභාව නිලධාරීන් විසින් සිදු කරන ලදී.

image 4