Skip to main content

තිරසර කෘෂිකර්මාන්තයට නවමු ප්‍රවේශයක්

  1. Home
  2. News & Events
  3. තිරසර කෘෂිකර්මාන්තයට…

තිරසර කෘෂිකර්මාන්තයට නවමු ප්‍රවේශයක්

02 Feb 2021

Time

10:00am

Location

කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරය

වසර 2030 වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන අභිමතාර්ථ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකෙරෙන ප්‍රධාන ක්ෂේත්‍රයකි කෘෂිකර්මාන්තය. තිරසරකරණය වූ කෘෂි කර්මාන්තයක් ඇති කිරීම තුළින් සාධනීය වෙනස්කම් රාශියක් ඇතිකළ හැක. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා නාස්තිය අවම කිරීම,  පෝෂණ ඌණතා අවම කිරීම, නවෝත්පාදන ආර්ථික අවස්ථා පුළුල් වීම හා දිළිඳු බව තුරන් කිරීම,  තිරසර පරිභෝජනය හා නිෂ්පාදන අවස්ථා විවර වීම, යහපත් සෞඛ්‍යමත් ප්‍රජාවක් බිහිවීම, පස සුරක්‍ෂිත වීම හරහා දේශගුණික විපර්යාස අවම වීමට, ජල සුරක්‍ෂිතතාවට මෙන්ම ජෛව විවිධත්ව සංරක්ෂණයට දායක වීම යනාදිය එම ක්ෂේත්‍රයන් වේ.

Image 2

මෙවැනි පුළුල් පරාසයක් ආවරණය කෙරෙන කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළට තිරසර සංවර්ධන අභිමතාර්ථ ප්‍රවාහගත කිරීම හා එයට අදාළ දත්ත සම්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 2021 පෙබරවාරි මස 02 වන දින කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී වැඩමුළුවක් පවත්වන ලදී. ඒ සඳහා කෘෂිකර්ම  අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරල්  සුමේධ පෙරේරා මහතා හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු මෙන්ම එම අමාත්‍යංශ යටතේ පවතින සියලු දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල නියෝජනය කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යන ආයතන වල  ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් වැඩමුළුව සඳහා සහභාගී විය.

Image 3Image 4

“සෞභාග්‍යය දැක්ම” ජාතික ප්‍රතිපත්තිය අනුව යමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය පෝෂණය කරමින් කෘෂිකර්ම හා පශු සම්පත් ක්ෂේත්‍රයන්හි ප්‍රබෝධයක් ඇති කිරීමට තිරසර සංවර්ධන අරමුණු ඇතුළත් ආයතනික වාර්ෂික  ක්‍රියාකාරී සැලසුම් සකස් කීරීමේ ප්‍රවේශයන් මෙන්ම එම සැලසුම් ක්‍රියාවට නැංවීම හරහා තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය මැන බැලෙන දත්ත සම්පාදනය ධාරිතාවන් ඉහළ දැමීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙහිදී සිදු විය.

Image 6

තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීමේ ක්‍රියාවලියෙහි මෙහෙයුම් කටයුතු සිදු කරන කේන්ද්‍රීය ආයතනය ලෙස තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ එහි නිලධාරීන් වන නදීක අමරසිංහ (සහකාර අධ්‍යක්‍ෂ), ෂෙරෝන් හේවාවඩුගේ (සහකාර අධ්‍යක්‍ෂ) යන අයගේ දායකත්වයෙන් මෙහෙයවන ලදී. මේ සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO) වල  නිලධාරීන් ද සහභාගී විය.

Image 7