Skip to main content
switcher භාෂාව තෝරන්න

සැමට ගුණාත්මක හා දැරිය හැකි පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව සහතික කිරීමට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ඉලක්ක සකස් කර ගැනීම.

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. සැමට ගුණාත්මක හා දැරිය…

සැමට ගුණාත්මක හා දැරිය හැකි පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව සහතික කිරීමට අදාළ තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ඉලක්ක සකස් කර ගැනීම.

06 ඔක්‌ 2022

වෙලාව

9:30am

ස්ථානය

ජල සම්පාදන අමාත්‍යාංශය

ජල සම්පාදන අමාත්‍යංශය, රටේ සියලු ගෘහස්ථ අවශ්‍යතා සඳහා ජලය සැපයීමද, දැනට පවතින ජල සම්පාදන හා අපවහන පද්ධති ඉහළ තත්වයෙන් නඩත්තු කිරීම ද, මලාපවහන පද්ධති වලට අදාළ යටිතල පහසුකම් වැඩි දියණු කිරීම සහ එම ක්ෂේත්‍රයෙහි පෞද්ගලික හා ජාතික ආයෝජන දිරිමත් කිරීම මගින් ඉහළ තත්වයෙන් යුත් පානීය ජලය සැපයීම හා බෙදාහැරීම යන වගකීම් දරයි. සැමට ගුණාත්මක හා දැරිය හැකි පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව සහතික කිරීම මගින් පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම (තිරසර සංවර්ධන අභිමතාර්ථ 6) ට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ජල සම්පාදන අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් ඍජුව දායක වේ.

තිරසර සංවර්ධන අභිමතාර්ථ 6 ට අදාළ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මනිනු ලබන දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම සිදු කිරීමෙන් සහ දත්ත වේදිකාව සකස් කිරීමෙන් පසු මෙරට ගෘහස්ථ ජල අවශ්‍යතාව ප්‍රමාණවත්ව සැලසීම සඳහා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර වලට අදාළ ඉලක්ක සකස් කර එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට අදාළ සාකච්ඡාවක් අද දින ජල සම්පාදන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

මෙම සාකච්ඡාවේ දී සුරක්‍ෂිත පානිය ජල පහසුකම් සැපයීම හා සනීපාරක්‍ෂාව තහවුරු කිරීම (විශේෂයෙන් වතුකර ජනතාව ඉලක්ක කරගත්), ජලයේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වාගැනීම, ජල භාවිතයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම (විශේෂයෙන් කෘෂි කාර්මික කටයුතු ආශ්‍රිත), ඒකාබද්ධ ජල කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කිරීම හා ජලය ආශ්‍රිත පරිසර පද්ධති සංරක්‍ෂණය යන ප්‍රමුඛ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කෙරිණි. ජලය ආශ්‍රිතව කටයුතු කරනු ලබන ආයතන 40කට අධික ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් ඒකාබද්ධ ජල කළමනාකරණ සැලැස්මක් සකස් කර ක්‍රියාවට නැංවීමේ අසීරුතාව මඟ හැර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පිළිබඳව ද මෙහිදී එකඟතාව ඵලවිය.

ජල සම්පාදන අමාත්‍යාංශය

ජල සම්පාදන අමාත්‍යාංශය